වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කළේ, රටේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බැවිනි.
“වඳුරු උණ මාරක රෝගයක් නොවෙයි. ඒත් එය සුළුවෙන් තකන්න එපා. අප ඇමෙරිකන් වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා, වයිරසය පරද්දන්න එකමුතු වෙන්න. එසේ එකමුතු වුණොත් වයිරස ව්‍යාප්තිය අපට පාලකය කරගන්න පුළුවනි.” යැයි ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා කටයුතු පිළිබඳ ලේකම් (අමාත්‍ය) සේවියර් බෙකෙරා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, වඳුරු ව්‍යාප්තිය සිදුවන්නේ පිරිමින් අතරේ සමලිංගික ඇසුරිනි. ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේ එරට ආසාදිතයන් ගණන 6,600 පසු කර ඇති බැවිනි. තවමත් ඇමෙරිකාවෙන් ‘වඳුරු උණ’ මරණ කිසිවක් වාර්තා වී නැත.
ධවල මන්දිරය මැදිහත් වීමෙන්, ඇමෙරිකානුවන්ට ‘වඳුරු උණ’ සඳහා ‘ජිනියොස්’ නමැති එන්නත ලබා දීම සිදු කරයි. ‘වඳුරු උණ’ හෙවත් ‘වඳුරු පැපොල’ (මන්කි පොක්ස්) යනු පැපොල සහ වසූරිය පවුලට අයත් ඒ අතරමැද වයිරසයකි. ‘ජිනියොස්’ එන්නත නිපදවා ඇත්තේ පැපොල වයිරසය ආසාදනය වීම වැළැක්වීමටය. එය මේ වනවිට වැඩි දියුණු කර ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවෙයි.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් ද වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, රටවල් 75 කට වඩා වයිරසය ව්‍යාප්ත වීම සහ ආසාදිතයන් 18,000 ක් පමණ හමුවීමත් සමඟය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවේ ‘වඳුරු උණ’ හදිසි තත්ත්වයක්