(සුජිත් හේවාජුලිගේ)
සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ පියවරක් ලෙස බේරේවැව සහ කටුනායක අතර ගෘහස්ථ ගුවන් ගමන් අද ආරම්භ කෙරිණ.
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරු සහ නිලධාරීහු පිරිසක් සිනමන් ගුවන් සමාගමට කොළඹ බේරේ වැව දක්වා අද උදේ පැමිණියහ.
ගුවනින්පැමිණි පිරිස පිළිගැනීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් යන මහත්වරු එහි පැමිණ සිටියහ.
ප්‍රවාහන අමාත්‍යවරයා එම ගුවන් යානයට ගොඩ වී ගුවන් නියමුවා සමගද කතාබහ කළේය. මෙහිදී අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා පැවසුවේ අභ්‍යන්තර ගුවන් සේවා සඳහා ගුවන් සමාගම් වලට ආරාධනා කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි නාන තැන. ඒක නැතිකරන්න එපා...
ඕකෙ නාමල් බේබි, මහින්දයි... එහෙම ආවා නම් බලාගන්න තිබ්බා ජෙප්පෝ නටන නැටිල්ල...
මෙයාලගේ නහය ආශ්රිත ඉන්ද්රියයන් වැඩ කරන්නේ නැහැ වගේ...
බලයට පත්වෙලා අවුරුද්දක් වුණා. තාම බේරේ වැවේ ගඳ එහෙම්මයි. ඒ වුණාට බොරු සංදර්ශන...
දාන්නකෝ බේරේ වැවට...
රෝදය නැවත සොයාගැනීම...