IMG-LOGO

ඇමැති පිරිස වෑකන්ද දමා වාරිමාර්ගය ඉබි යතුරු දමලා

(බී. ජී. චතුරංග)

අනුරාධපුර නුවර වැවේ සංචාරයක් නිමාකර  යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි මැති ඇමැති පිරිසක් වෑකන්ද තුළ දමා එහි ගේට්ටු වසා ඉබි යතුරු දමා වසා දැමීම නිසා එම පිරිස දැඩි අපහසුතාවයට පත්වූහ.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර  උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා ඇතුළු කණ්ඩායමක් එම සංචාරයට එක්ව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණෙන් රජය විසින් ගෙන යන දැනුවත් කිරීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව  සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස නුවර වැවේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.  

එහිදී  නුවර වැව් බැම්ම හරහා යාමට ඇති මාර්ගය දෙපැත්තෙන් ගේට්ටු දෙකක් දමා වසා ඇති ආකාරය එම පිරිස නිරීක්ෂණය කළහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව  වැව් බැම්මේ එක් ගේට්ටුවක් විවෘත කිරීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස වැවේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර නැවත පිටතට යාමට සූදානම් වූ අවස්ථාවේදී එම ගේට්ටු යළි ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අපහසුතාවයට ලක් වූහ.

 



අදහස් (10)

ඇමැති පිරිස වෑකන්ද දමා වාරිමාර්ගය ඉබි යතුරු දමලා

Perera Sunday, 06 July 2025 02:46 PM

මාලිමාවට ආණ්ඩු බලය හිමිව තිබුණත් රාජ්‍ය බලය තවමත් සම්පූර්ණයෙන් හිමිවී නැහැ... පාර රාජ්‍යෙය් අය තවමත් සිටින බව මෙය එක නිදසුනක්..

:       22       88

Jayasundara Monday, 07 July 2025 10:49 AM

දෙපාර්තමේන්තුවක නිශ්චිත උපදෙස් මාලාවකට ක්‍රියාත්මක වන වැඩ බිම් සහ ස්ථාන පුද්ගලයන් මත වෙනස් වෙන්නෙ නැහැ. මේ ආන්ඩුව පත් උනේ සාමාන්‍ය නීතියට ගරු කරනව කියල. මෙය හිතා මතා කල දෙයක් වෙන්න අමාරුයි. සේවා මුර මාරු වීම වැනි හේතුවක් වෙන්න පුළුවනි. අදාල අංශ සමග සම්බන්ධ නොවී බලය පෙන්වීම නිසා මෙම අපහසුතාවයන්ට පත්වීම ගැන කනගාටුවෙමි.

:       6       4

යෝගා Sunday, 06 July 2025 04:37 PM

සුන්බුන් ඇමතිලා මොකක් හරි බුලක් කෙලින්න ඇති. නැතුව ඔය වගේ දේවල් වෙන්න විදියක් නෑ.

:       72       37

දුංහිඳ Sunday, 06 July 2025 04:39 PM

රාජකාරි මාරුවීම සහ සන්නිවේදනයේ යම් දුර්වලතාවක් නිසා සිදුවීමක් වගෙයි. හිතාමතාම මෙවැන්නක් කළා යැයි සිතීම අපහසුයි.

:       14       61

අරවින්ද මොණරවිල Sunday, 06 July 2025 05:39 PM

උතුරු මැද පලාතේ වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට එරෙහිව යන බවක් පෙනෙනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නුවර වැවේ වැව් බැම්ම මතින් දිවෙන පාර වාහන වලට විවෘත කරන්න සාධාරණ හේතුවක් නැතිව මෙයා තදින්ම විරුද්ධ වුණා සමහර විට එයා පොහොට්ටුවේ හෝ සජබේ ගැත්තෙක් නිසා වෙන්න ඇති. එයාව ඔතැන තියාගෙන ආණ්ඩුවට උතුරු මැද පළාතේ සැළසුම් ක්‍රියාත්මක කරන්න බැරි බව පෙනෙනවා. ඒ නිසා එයාට සුදුසු ස්ථානයකට මාරු කළ යුතුයි.

:       1       2

Rasika Sunday, 06 July 2025 05:53 PM

මේ වගේ සරල දෙයක්වත් කලමනාකරණය කර ගන්න බැරි තරමට මේ පිරිස අකාර්යක්ශමයි. පලපුරදු නිලධාරින් ටික අයින් කරලා වැඩ බැරි ටිකක් ඒ තැන්වලටත් දාගත්තාම තවත් හොඳයි...

:       2       1

PGPThilak Sunday, 06 July 2025 08:20 PM

මාලිමා ආණ්ඩුවට නිලධාරීන් හුරතල් කරනවා මිසක් පාලනයක් කිරීමට ධාරිතාවක් නෑ! මෙහෙම තියෙද්දී පුරවැසියන්ගේ දුක්ගැනවිලි වලට විසඳුම් දීම ගැන හිතාගන්නත් බෑ.

:       1       1

Neel Sunday, 06 July 2025 09:21 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්... CID එකට බාරදෙන්න.

:       1       1

Mahe Sunday, 06 July 2025 10:46 PM

හරි පාරට වඩා කැලෑ පාරවල් පාවිච්චි කරපු අයට, නිසි ක්‍රමයට නිසි අයව දැනුවත් නොකර උන් හැර අන් සියල්ලන්ම හොරු යැයි සිතා හොර ගමන් යන්න ගිහින් වගේ...!

:       1       1

හපුගල චොප්පෙ Monday, 07 July 2025 09:48 AM

නුවර වැව නිරීක්ෂණය කරන්න මේ ගොබ්බ රැලට තියන හැකියාව මොකක්ද? සිංහයො වගේ බලෙන් ගේට්ටුව අරවගෙන යන්න ඇති. යසයි, වෙච්ච වැඩේ.

:       14       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site