
(බී. ජී. චතුරංග)
අනුරාධපුර නුවර වැවේ සංචාරයක් නිමාකර යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි මැති ඇමැති පිරිසක් වෑකන්ද තුළ දමා එහි ගේට්ටු වසා ඉබි යතුරු දමා වසා දැමීම නිසා එම පිරිස දැඩි අපහසුතාවයට පත්වූහ.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා ඇතුළු කණ්ඩායමක් එම සංචාරයට එක්ව තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණෙන් රජය විසින් ගෙන යන දැනුවත් කිරීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස නුවර වැවේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
එහිදී නුවර වැව් බැම්ම හරහා යාමට ඇති මාර්ගය දෙපැත්තෙන් ගේට්ටු දෙකක් දමා වසා ඇති ආකාරය එම පිරිස නිරීක්ෂණය කළහ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව් බැම්මේ එක් ගේට්ටුවක් විවෘත කිරීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස වැවේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර නැවත පිටතට යාමට සූදානම් වූ අවස්ථාවේදී එම ගේට්ටු යළි ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අපහසුතාවයට ලක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට ආණ්ඩු බලය හිමිව තිබුණත් රාජ්‍ය බලය තවමත් සම්පූර්ණයෙන් හිමිවී නැහැ... පාර රාජ්‍යෙය් අය තවමත් සිටින බව මෙය එක නිදසුනක්..
සුන්බුන් ඇමතිලා මොකක් හරි බුලක් කෙලින්න ඇති. නැතුව ඔය වගේ දේවල් වෙන්න විදියක් නෑ.
රාජකාරි මාරුවීම සහ සන්නිවේදනයේ යම් දුර්වලතාවක් නිසා සිදුවීමක් වගෙයි. හිතාමතාම මෙවැන්නක් කළා යැයි සිතීම අපහසුයි.
උතුරු මැද පලාතේ වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට එරෙහිව යන බවක් පෙනෙනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නුවර වැවේ වැව් බැම්ම මතින් දිවෙන පාර වාහන වලට විවෘත කරන්න සාධාරණ හේතුවක් නැතිව මෙයා තදින්ම විරුද්ධ වුණා සමහර විට එයා පොහොට්ටුවේ හෝ සජබේ ගැත්තෙක් නිසා වෙන්න ඇති. එයාව ඔතැන තියාගෙන ආණ්ඩුවට උතුරු මැද පළාතේ සැළසුම් ක්‍රියාත්මක කරන්න බැරි බව පෙනෙනවා. ඒ නිසා එයාට සුදුසු ස්ථානයකට මාරු කළ යුතුයි.
මේ වගේ සරල දෙයක්වත් කලමනාකරණය කර ගන්න බැරි තරමට මේ පිරිස අකාර්යක්ශමයි. පලපුරදු නිලධාරින් ටික අයින් කරලා වැඩ බැරි ටිකක් ඒ තැන්වලටත් දාගත්තාම තවත් හොඳයි...
මාලිමා ආණ්ඩුවට නිලධාරීන් හුරතල් කරනවා මිසක් පාලනයක් කිරීමට ධාරිතාවක් නෑ! මෙහෙම තියෙද්දී පුරවැසියන්ගේ දුක්ගැනවිලි වලට විසඳුම් දීම ගැන හිතාගන්නත් බෑ.
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්... CID එකට බාරදෙන්න.
හරි පාරට වඩා කැලෑ පාරවල් පාවිච්චි කරපු අයට, නිසි ක්‍රමයට නිසි අයව දැනුවත් නොකර උන් හැර අන් සියල්ලන්ම හොරු යැයි සිතා හොර ගමන් යන්න ගිහින් වගේ...!
නුවර වැව නිරීක්ෂණය කරන්න මේ ගොබ්බ රැලට තියන හැකියාව මොකක්ද? සිංහයො වගේ බලෙන් ගේට්ටුව අරවගෙන යන්න ඇති. යසයි, වෙච්ච වැඩේ.