
රෝෂන් තුෂාර
රුපියල් කෝටි නවයකට අධික මුදලක් සහිත සැක කටයුතු ගිණුම් 16 පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනා ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව බන්ධනාගාරයට රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් අද පස්වරුවේ කටයුතු කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණිය යන සැකකරුවන් මෙසේ ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව බන්ධනාගාර ගතවිය.
අල්ලස් කොමිෂන් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් සැකකරුවෙකුට රුපියල් 50000 දාස බැගින් මුදල් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුන බැගින් නියම කෙරිණි.
ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටද සියලු ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව සැකකරුවන් මුදා හරින ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කොට තිබිණි.
ඡායා - ඉසුරු පෙරේරා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරයේ ඉන්න සහෝදර, සහෝදරියන් ඔක්කෝම, මේ ගෞරවාන්විත ප්‍රභූ පවුල, මාව බලාගත්තාටත් වැඩිය හොඳට බලාගන්න ඕනෑ... ඕගොල්ලොන්ට දැන් වැඩ කෝටියයි, ඉදිරියට වැඩ ප්‍රකෝටියයි !!!
අනේ සාදු. එහෙ ඉඳන් පීසා කන්න. චිත්‍රපටි බලන්න...
ඇත්ත මොකක්ද... ඇප මත නිදහස් කළාද? බන්ධනාගාරයට ගියාද?
මිලියන 5 සරීර ඇප? දන්නා කෙනෙක් පැහැදිලි කරනවාද?
කරන කලට හොරකම් මිහිරිය මීසේ--ගෙවන කලට දුක් දැඩිවෙ යි ගිනි සේ.!!!
කණගාටුදායක තත්වයක්, එක්තරා කාලයක මහා පිලි ගැනීමක් තිබු දේශපාලකයෙක්!!! අම්ම, තාත්තා, දුව, පුතා පවුලම රටේ ජනතාවගේ සල්ලී මංකොල්ල කාලා, තාත්තා දේශපාලකයෙක් වීම දරුවන්ගේ යහපතට අහිතකරය! නිතියෙන් ලැබෙන දඩුවම කෙසේවෙතත්, මේ අයගේ මානසික-පශ්තාත් තාපය සුලු පටු නොවනු ඇත!
කෝ… රාජපක්ෂලා ඇපයක් වත් දෙන්න එන්නේ නෑ නේද….? දැන් තේරුනාද……
මේ ගොල්ලන් හිතන් හිටියෙ රාජ්පක්ශවරු රනිල් රජපක්ශලා මේ රටෙ සමදම බාලයෙ ඉදිවි කියලා. මෙවා අනිත් මති අමතිවරුත් හොඳට සිහියෙ තාබා ගන්න.
ඉස්පිරිතාලෙට යන කට්ටිය ඔක්කොම ආපහු ගෙදර යන්නේ නැහැ" කියන කතාව මට ආවර්ජනය වුණා කියමුකො.
කරන කලට පව් මීරිය මී සේ. විදින කලට දුක් දැඩි වෙයි දැඩිවෙයි ගිනි සේ…! ඔය වැරැද්දම කරපු අනිත් කට්ටියත් ඇතුලට යන්න සූදානම් උනොත් හොදයි…!
බලය තිබුණු කාලේ උන් හැමෝම උන්නේ බලයෙන් මත්වෙලා . ඔලුව උදුම්මගෙන. ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු උන්ට ඔහොම වෙලා මදි. පට්ට හොරු.
අපි රට යනව කෙහෙළිය හිරේ යන්නෙ. ඉස්සෙල්ල තනියම ගිහිං සෙට්ල් වෙලා, පස්සෙ ෆැමිලි එකම ගන්නවා !!!
නෑයින්ටත් හොර පවුල විශ්වාස නැද්ද...?
උසාවියට එන්න කිව්වාම මොවුන්ට කොරෝනා හැදෙනවා. මූණ වහගන්න හොඳ ක්‍රමයක්...
කෙහෙළිය පවුලට බන්ධනාගාරයෙන් නිල නිවසක් සපයා දුන්නා නම් වැඩේ පහසුයි. එතකොට ඇප ඉල්ලන්න ඕනැත් නැහැ. ඇප දෙන්න මිනිස්සු හොයන්න කරදර වෙන්න ඕනත් නැහැ.
කණගාටුවට හේතුවක් වන්නේ චන්දදායකයින් ඔවුන් වෙත තබා ඇති විශ්වාසයට සහ ගෞරවයට දී තිබෙන වටිනාකම මේක දැයි කියලා හිතෙනකොට . ඒ නිසා මෙවැනි අය සල්ලි වලට මේ තරම් කෑදර කියලා හිතාගන්න බැහැ. තන්හාව සහ ආශාව මිනිසුන්ව පාපකාරී ක්‍රියාවලට යොමු කරලා, අවසානයේ ඔවුන්ට හිමිවෙන්නේ ශෝකය සහ සදාකාලික දුක පමණි.
ඔවුන් රජවරුන් හා රැජිනියන් මෙන් ජීවත් වූ නමුත් දැන් ඔවුන්ට ඇප දීමට කිසිවෙක් නැත. මෙය සියලු විශාල මහජනතාවගෙ මුදල් හොරා කෑවා සහ එක්තරා ආකාරයකින් අපටත් නිහතමානී පාඩමක් විය යුතුය.ජීවත් වන්න සහ ජීවත් වීමට ඉඩ දෙන්න යනු තමන්ට පුළුවන් විඳිහට සාදරන විඳියට ජිවත් වීමයි. මාලිමා රජය නොතිබූන නම් මෙගොල්ලන්ට දඬුවම් බොරු.
කෙහෙලියත් ඇරියට අපි රට යනවා වගේ තමයි .ඉස්සෙල්ලාම එක්කෙනෙක් ගිහින් පස්සේ අනික් අයව ගන්නවා
රඟලා නටලා පවුල පිටින්ම – මහජන සල්ලි වලින් හොඳට සැප අරගෙන . විඳවපල්ලා පවුල් පිටින් .කාලකන්නි
බන්ධනාගාර කොමසාරිස් මාරුවුණාට, සිස්ටම් එක වෙනස්වෙලා නෑ තාම. ඇයි මේ පවුල AC වෑන් එකෙන් ගෙනියන්නෙ? ඇයි අනෙක් රැඳවියන් වගේ ලේලන්ඩ් බස් එකෙන් ගෙනියන්න බැරි?? "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියලා කිව්වට මේගොල්ලෝ "මනුෂ්‍ය වෙස් ගත්ත කාලකන්ණි රාක්ෂ්‍යයෝය".
කොච්චර බලකාමයෙන් මත්ව හිටිය පවුලක්ද? සෞඛ්‍ය ඇමැතිකම කරපු කාලේ රෝහල්ගතවන සියල්ලෝම නැවත ගෙදර යන්නේ නෑ කියලා කිව්ව මතකද? පාපකර්ම මෙලොවදීම පලදෙනවා කියන කතාව ඇත්ත වගේ...
රට බංකලොත් කරපු අයටත් ඉක්මනින් දඬුවම් කරොත් හොඳයි, නැත්නම් රටින් පලා යන්න පුළුවන්.
ඕකුන්ට ඔහොම වෙලා මදි....