
වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වීමට තීරණය කළාය.
ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වී ඉල්ලා අස්වූයේ නවසීලන්තයේ මධ්‍ය වාමාංශික හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන ගොල්රීස් ගහ්රමාන් ය.
ගොල්රීස්, ඉරානයේ උපත ලැබූ තැනැත්තියකි. කුඩා කළ මාපියන් සමඟ නවසීලන්තයට පැමිණ ඇත්තේ සරණාගතයකු ලෙසය. ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2017 වසරේදීය.
සරණාගතයකු ලෙස නවසීලන්තයට පැමිණ, එරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු පළමු මන්ත්‍රීවරිය වන්නේ ද ගොල්රීස් ය.
43 හැවිරිදි ඇය මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක මෙන්ම ලේඛිකාවක ද වන්නීය. ඇය එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියක ලෙස ද කටයුතු කර තිබේ.
ගොල්රීස් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඕක්ලන්ඞ් නුවර සුඛෝපබෝගී වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වූ අවස්ථාවේදීය.
චෝදනා එල්ල වෙද්දී තමන් ඇඳුම් සොරකම් කළ බව, ගොල්රීස් පිළිගත්තාය.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඇය පැහැදිලි කළේ, තමන් දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත්, වරදක් බව දැන දැනත් තමන් එසේ කළේ එම ආතති තත්ත්වය මඟ හරවා ගැනීමට බවත්ය.
ඇගේ මෙම හැසිරීම තමන් ද ප්‍රහේලිකාවක් බව, ගොල්රීස් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ලංකාවට එන්න .ඇවිත් මෙහෙ එම් .පී කෙනෙක් වෙන්න
මම පුදුම වුණා අපේ 225 එහෙම ඍජු තීරණ ගන්න පුළුවන් අය ඉන්නවාද කියලා...? බලපුවාම නවසීලන්තෙනේ. අපේ අයට නම් රෙදි ඕනෙත් නෑනේ, විලිලැජ්ජා නැහැනේ...!
ඒකට අපේ අය... ඩොලර් බිලියන ගණන් හොරකම් කරන්නේ...!
එහෙ එහෙමයි... ඇඳුම් කෑල්ලක් හොරකම් කරාට ඉල්ලා අස්වෙනවා. මෙහෙ මුළු භාණ්ඩාගාරයම හොරකම් කරලා ආවාම සැලියුට් ගහනවා.
මහබැංකු හොරුටික මතක් වුණා.
අපේ වමාශිකයන් මේවගේ තමා
මේවගේ හොඳ නැති ජරා රටවලින් යන මිනිස්සු බටහිර ලෝකය විනාශ කරනවා.
ලංකාවේ වගේ නවසීලන්තේ දියුණු නැහැ නේ
සොරකම් කිරීම අපේ ජාතික ප්‍රතිපත්තියක්නෙ. ෂ්‍රෙනි ගතකිරීම් සිදුවන්නෙ සොරකම් කරන ප්‍රමාණය සහ ගොඩ අනුවයි.
හොරකම් කිරීම මන්ද බුද්ධිකයි. අන්සතු දේ ගැනීමෙන් බොහෝ කාලයක් දුගතියේ සැරිසරන්න සිදුවේ. මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය වියයුතුයි...
හොරකම්, දූෂණය නැති වෙන්නේ පෘතුවියේ පොසිල ඉන්ධන ඉවර වූ පසුවයි....!