(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යාපනය ඇතුළු උතුරු පළාති භිතියට පත් කරමින් විවිධ අපරාධ කරමින් කප්ම් ගැනීම් මනුෂ්‍ය ඝාතන සිදු කළබව කියන ආවා කල්ලි නායක ප්‍රභාකරන් කොයුසිකන් නොහොත් ප්‍රභා නැමැත්තා ගල්කිස්ස යශෝරාපුර දෙමහල් නිවසක උඩුමහලේ සැඟව සිටියදී අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 300 ක් ද සොයාගෙන ඇත.
ආවා කල්ලියේ ලාංඡනය ඇතුළත් පත්‍රිකාවක් ද සොයගෙන ඇත.
සැකකරු තෙල්පලෛයි පොලිස් වසමේ නීලියම් බනෙයි, පිල්ලෙයාර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි පුද්ගලයකු බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.
සැකකරු ආවා කල්ලිය තුළ කොයින්සි තම්පා යන සංකේත නාමයෙන් හඳුන්වන අතර සංකේත අංකය 001 බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර්ද අවා කල්ලි නායකයා කියලා. ඔය විදිහට චේගුවේරා කල්ලි කාරයෝ ටික අල්ලන්න බැරිද?
කරුණාකර විශාරද උපදෙස් දී යහමගට ගන්න. අර සමාජයට හඳුන්වා දෙන්න තවද පැහැදිලිව කියාදන්න ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අති විශේෂයෙන් ග්‍රාම ආරක්‍ෂක බලකාය අප උතුම් මව්බිම විනය ආරක්‍ෂා කරන ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුර විශේෂයන් STF...!