(අජන්ත කුමාර අගලකඩ)

ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති  අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ  මන්ත්‍රී කණ්ඩායම සමඟ අද ( 08) පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත .

එබැවින් ඒ සම්බන්ධයෙන්  කලබල විය යුතු නැතැයිද  ඇමතිවරයා පෙන්වා දී ඇත.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ  පසුපෙළ මන්ත්‍රීවරුන්  අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද  පස්වරුවේ පැවැත්විණි .
     ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා හැර   පසුපෙළ අනෙකුත් මන්ත්‍රීවරුන්  සියලු දෙනාම ඊට සහභාගි වූ බව වාර්තා වේ.