IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආරක්ෂක මාණ්ඩලික විදුහලේ 19 වැනි උපාධි කණ්ඩායම විසිර යයි

(අංජුල මහික වීරරත්න)

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (Defence Services Command and Staff College) 19 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්  නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. 

මෙහිදී ත්‍රිවිධ හමුදාවන් සඳහා උසස්ම හමුදා අධ්‍යාපන ආයතනය වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ, 19 වැනි පාඨමාලාව සාර්ථකව අවසන් කළ,  විදේශීය සිසුන් 26 ක් ඇතුළු පුහුණුලාභීන් 149 දෙනෙකුට  උපාධි ප්‍රදානය කෙරිණි.

අධ්‍යාපනික කාර්ය සාධනයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන්ට Golden Owl Award, Golden Pen Award සහ Commandant’s Honours යන සම්මාන ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍යවරිය සහභාගී වූවාය.

උත්සවය ඇමතූ අග්‍රාමාත්‍යවරිය කීවේ 

ත්‍රිවිධ හමුදාව ජාතික අර්බුදයේ දී ජනතාව සහ සිවිල් ආයතන සමඟ එක්ව, නොසැලෙන කැපවීමෙන්,  කාර්යක්ෂමව කටයුතු කිරීම වෙනුවෙන් ප්‍රශංසාව පළ  කරන බවයි.



අදහස් (0)

ආරක්ෂක මාණ්ඩලික විදුහලේ 19 වැනි උපාධි කණ්ඩායම විසිර යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site