
(ගයාන් සූරියආරච්චි)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
දැනට විදේශ රටක සැගවී සිටින පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමේ සූදානමක් ඇති බව අතුරුගිරිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ අතුරුගිරිය පොලිස් ස්ථනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකොන් මහතාගේ නිවෙසට ගොස් ඒ බව දන්වා තිබුණි.
දේශබන්දු තෙන්නකොන් මහතා විසින් සක්‍රීය සේවයේ සිටින වකවානුවේ පාතාල මර්දනයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව විවිධ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරිමට කටයුතු කිරිමත් පාතාලය මැඩීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙසේ තර්ජනය එල්ලවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
දේශබන්දු තෙන්නකොන් මහතාට පවතින තර්ජන සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
630
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
Perera Saturday, 03 May 2025 01:50 AM
තර්ජන තියෙන නඩුවක චූදිතයින්ව සාමාන්‍යෙයන් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඇප පිට නිදහස් කරලා එහෙම අයට විශේෂ ආරක්ෂාවල් ලබාදෙන ක්‍රමවේදයක් නැහැ.