
(යොහාන් භාසුර)
යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ නාවික හමුදාධිපති විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹ තබා එහිදී උපහාර පිරිනැමූහ.
නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා විසින් මෙම රණවිරු අනුස්මරණ වැඩසටහන සංවිධානය කරන ලදි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව කරලා පව් හෝදන්න බැහැ මහත්තයෝ.
බොරු වැඩ...!
මේ වැඩේ දැන්ද මෙයාට මතක් වුනේ? ඔය වැඩවලට රටේ තියෙන සල්ලි පොඩ්ඩ වියදම් කරන් නැතිව වැදගත් වැඩක් කරන්න... ඔය වැඩ හොඳයි ගැලරියට...!
මේ ආරක්ෂක ලේකම් කොටින්ට කෙසේවෙතත් ඉස්කෝලේ යන ළමයෙකුට දවසක් ගහන්න ගිහින් එදා රෑ මදි නොකියන්න ගුටි කෑවා...
ගෝඨාත් එක්කම මෙයත් එවන්න තිබ්බේ...!
රාජපක්ෂලා බලයෙන් මාරුවුණා කියා මෙතුමාගේ තනතුරේ කිසි වෙනසක් සිදුවෙලා නැහැ. රටේ ජනතාව ඝෝඨාභය එපා කියා අරගල කරද්දී බලයේ රැඳී නොසිට ඔහුට ඉවත්වීමට උපදෙස් දුන්නා නම්, රට මේ තරම් ව්‍යාකූලත්වයක් ගන්නේ නැහැ. එදා අරලියගහ මන්දිරයෙන් ඇරඹුණු මැර ප්‍රහාරය මෙල්ල කිරීමට කටයුතු කළා නම්, රටේ මේ තරම් ව්‍යවසනයක් වෙන්නේ නැහැ. දේශබන්දුලා ඇතුළු අය නීතිය අතටගෙන කටයුතු කරනා විට රටේ ආරක්ෂක ලේකම් කළේ කුමක්දැයි යන්න කෙනෙකුට සැක සිතෙන්නට පුළුවන. ඒත් අපේ රටේ ජනතාව හා තරුණ කැළ ගැන, ඔවුන්ගේ ප්‍රශ්න ගැන මින් ඉදිරියට හෝ අනුකම්පාවෙන් බැලීම රටේ ආරක්ෂක ලේකම්වරයාගේ යුතුකම හා වගකීම බව පවසනු කැමැත්තෙමු....
ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ, මහජන ඡන්දයෙන් පත් වූ විධායක ජනාධිපතිට ඉවත්වෙන්න යයි ආරක්ෂක ලේකම්ට උපදෙස් දිය හැකිද? පෞද්ගලික මට්ටමින් හෝ එසේ උපදෙස් දුන්නාදැයි අප දන්නවද? අරලියගහ මන්දිරය අවට ඇති වූ තත්වයට අදාළ උපදෙස් සහ නියෝග දීම බාරව සිටියේ මහජන ආරක්ෂක ලේකම් බවත්, ඔහු කලහකාරී පිරිසට එරෙහිව ක්‍රියා කිරීමට අවසර පැතූ පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම බැහැර කළ බවත් වාර්තා කර තිබුණි. අරගලකරුවන්ට සති, මාස ගණන් අරගල කරමින් කාලය නාස්ති කිරීමට හැකිවූයේ මෙරට ත්‍රිවිධ හමුදාව සහ ඒවාට අණදෙන අය සානුකම්පිත පිරිසක් බැවිනි.