
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)
ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට අයත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සංස්ථාවේ ගිණුම් සහකාර කළමනාකරුවෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ගල්බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු, ඔහුගේ බිරිය (32) සහ බාල සහෝදරිය (25) බව පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මගින් කළ විමර්ශනවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් ගිණුම් සහකාර කළමනාකරු විසින් ව්‍යාජ ලෙස වව්චර් භාවිත කරමින් එමගින් ලබාගන්නා මුදල් බිරියගේ සහ බාල සහෝදරියගේ ගිණුමට බැර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරුවන් වංචා කළ මුදල්වලට කුමක් කළේද යන්න පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතාගේ නියෝග පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි හොරුන්ගේ දේපල රජයට පවරාගෙන වෙන්දේසි කරන්නෙ නැද්ද ?