
(අංජුල මහික වීරරත්න)
රට ගොඩනැඟීමට අවශ්‍ය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් බවත් පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක් ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා “ජාතික සභාව” වේදිකාවක් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ සාකච්ඡා කිරීමට එක් වෙමු යැයි ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය කටුනායක ආයෝජන කලාපයේ දී අද (10) විවෘත කරමිනි.
තරඟකාරී හා නවීන තාක්ෂණය යොදවා අපනයන ආර්ථිකයක් සකස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ප්‍රතිපත්තියක් භේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක්.එය සිදුව ඇත .රටේ සම්පත් සූරා කන අය එකතු වී ඇත .භේදයකින් තොරව එකින් එක ආරක්ෂා වන ජාතික ප්‍රතිපත්තියක්
රට ගොඩ දැමිල්ල කෙසේ වෙතත් මෙයා රාජපක්ෂ නඩය ආපහු ගොඩ දාන්න හදන බව පේනවා. බහ බැංකුව මංකොල්ලා කාපු එකාට අලුත්ම විධියට කිවිවොත් අග්ගලාවත් කජ්ජක්ද කියල තමයි අහන්න වෙන්න. ඡන්දෙ කල් දාන්න හදන්නේ මහජනයා ඉදිරියේ අවලංගු වුන ආණ්ඩුවක් පවත්වාගෙන යාම නීති විරොධියි. එය වටහා ගෙන කරැණා කරල ඉවත්ව යන්න.
රනිල්,රාජපක්ෂ කරන මේ නාඩගමට නම් ස්වාභාවදහමින් තමයි පඩිසන් ලැබෙන්නේ
ජාතික ප්‍රතිපත්තියක් හැටියට රට බංකලොත් කරපු රනිල්, රාජපක්ෂ ඇතුළු ඔවුන්ගේ වහල්ලු සේරම මුලින්ම අතු ගාල දාන්න ඕනේ. අවුරුදු 45ක් ක්‍රයාකාරී දේශපාලනයේ නිරත වෙලා , හය වතාවක් රටේ අගමැති වෙලා ඉඳල, දැන් තමයි මෙයාට ජාතික ප්‍රතිපත්තිය ඕන වෙලා තියන්නේ.