
(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 6,000 ක පමණ අරමුදල් භාවිත කරමින් වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේදී මිලට ගත් වී තොග මේ වන විට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා වල ගබඩා කරනු ලැබ තිබේ. වෙළෙඳපොළේ අඛණ්ඩ සහල් සැපයුමක් තහවුරු කිරීම සඳහා එම වී තොග, 2025 වසර සඳහා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මඟින් සහල් කර, ලක් සතොස සහ සමූපකාර ජාලය හරහා වෙළෙඳ පොළට නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට