
(නිමල කොඩිතුවක්කු)
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනතාවට දුන් පොරොන්දු මෙන්ම ජනතා අපේක්ෂාවන්ට පයින් ගැසූ මාලිමා ආණ්ඩුවට ප්‍රතිචාර දැක්වීමට ගමේ ජනතාව බලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී රට සුබ නැකැතින් අනුරට බාර දුන්නත් අද වන විට ටොම් පච දේශපාලනය රට පුරා කප් ගහන බවත් ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඊයේ (22)පැවති ජන හමුවක් අමතමින් ප්‍රේමදාස මහතා කීවේය.
සෑම මොහොතකදීම ජනතාව රවටන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ඇති බවත් ජනාධිපතිවරනයේදී හා මහමැතිවරණයේදී ජනතාව පිට පිට දෙවතාවක් රවටා තුන් වැනි වතාවටත් ටොම් පච දේශනා කරනා නායකයන්ට ගම බාර දෙන්නැයි ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මාලිමා රජය අද වන විට බොරු කීමෙන් ලෝක වාර්තා තබා ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
රාජ්‍ය සේවක වැටුප රු 20000කින් වැඩි කර මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා යැයි පැවසුවත් මේ සියලු පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයිද ප්‍රේමදාස මහතා කීවේය.
මාලිමා බලය නැති පළාත් පාලන ආයතනවලට මුදල් නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ නිකුත් කරන බවත් පළාත් පාලන ආයතන පනතවත් නොදැන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළේ.
බලය තිබුණත් නැතත් රජයේ මුදල් තිබුණත් නැතත් සමගි ජන බලවේගය රටට සේවාවක් ඉටු කරන බවත් එම නිසා බිය නොවී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
COMMENTS
අනේ ඔයාට දැන් කීපාරක් ජනතාව පාඩම් කියා දුන්නාද? පාඩම් හිටින්නේ නැද්ද?
කොහෙන් ද දන්නේ නැහැ ඔය කතා කියන්නේ? පහුගිය මැතිවරණ වලදී ජනතාව පාඩමක් ඉගැන්නුවේ කාටද කියලා රටම දන්නවා. බේගල් වලට ජනතාව රැවැට්ටුවේ ඉස්සර, දැන් ඒ කාලේ ඉවරයි...
ආණ්ඩුවට එරෙහිව එල්ල කරන බොරු ප්‍රචාර හැර වෙන කිසිම චෝදනාවක් නැහැ කියලා මහ ජනතාව හොඳටම දන්නවා. ඒක සජිත් ප්‍රේමදාස දන්නවාද?.. මේ පාර තමයි විපක්ෂය පාඩමක් ඉගෙනගන්නේ... රටට කරන්න පුළුවන් හැම විනාශයක්ම කරලා තව බයිලා කියන්නත් එනවද...?
ආණ්ඩුවට පාඩම් කියාදෙන්න ජනතාව බලාගෙන හිටියාට ඔයා වගේ ලාමක ටිං ටිං කෙනෙකුට බලය දෙන්න ජනතාව ලෑස්ති නැති බවත් දැනගන්න. රනිල්ගේ මයිලක් තරම් ඔහේ වටින්නේ නැහැ. ඔහෙට ඒ මනුස්සයාගේ පරිචයේ අහලකටවත් එන්න බැහැ.
තලතා ලේකම් තුමියත්, හෙළ උරුමයේ, පාඨලීත්, සන්නස්ගලත් ඔයාට චරිත සහතිකේ දුන්නේ නෑ. ඒකයි දෙවරක්ම ප්‍රතික්ෂේප වුණේ.. මේ ඡන්දයෙන් පස්සේ නායක කමත් ඉවත් කරන්න වෙයි.
නෑ එහෙම නැහැ. හොර සල්ලි අච්චු ගහපු අයට සහ ඔවුන්ට ප්‍රසිද්ධිය ලැබෙන අයට පාඩමක් උගන්වන්න ජනතාව බලාගෙන ඉන්නවා.
අනුන්ට පාඩම් උගන්වන්න කලියෙන් ජනතාව ඔයාට කියලා දුන්නු පාඩම ඉගෙන ගන්න උත්සාහ කරන්න. ජනාධිපති වෙන්න බැරි නම් අඩුම තරමේ රටට ප්‍රයෝජනවත් විපක්ෂ නායකයෙක් වෙන්න උත්සාහ කරන්න...
ආණ්ඩුවට පාඩමක් උගන්වන්න, ජනතාවට සිද්ද වෙන එකක් නම් නැහැ.. තමුන්ගේ පක්ෂයේ හිටපු අය නම්, පාඩම් උගන්වලා තියෙන බව නම් පේන්නම තියෙනවා. පක්ෂයවත් හරියට කරගෙන යන්න බැරුවයි ඉන්නේ, තවත් මොන කතාද?
මාලිමාව නම් කෙප්ප කන්දකි... එය සනාථ වී අවසන්ය. නමුත් කැහි ගෑණි වෙනුවට හොටු ගෑණි ගන්නට ජනතාව සූදානම් නැත. එබැවින් ඡන්දය නොදා සිටිනවා මිසක් වෙනත් කළ යුත්තක් නැති වගක් දැන් දෘශ්‍යමාන වේ...
ඔයාට පාඩමක් උගන්වන්න තලතා බලාගෙන ඉන්නවා.
ජනතාවට වෙන වැඩ නැද්ද? ආණ්ඩුවට පාඩම් උගන්වන්න ලොකුම පාඩම ඉගෙන ගත්තේ ඔබලා. දැන් ජනතාව ඔබලාගේ දුක අහන්නෙත් නැහැ. නැවත බලයට ගේන්නෙත් නැහැ. දැන් සැපද? මෙයාව හොඳ ගාමන්ට් එකට යට ඇඳුම් ප්‍රශ්න විසඳන්න. අද මොවුන් හොරා කෑවේ නැත්නම් රට බන්කොලොත් නැත්නම්. අනුර කුමාර ජනතාවට රජ සැප දෙනවා. මාස හයක් යන්න වුවමනා නැහැ. මොලේ තියෙන සුළු සේවක පිරිසකගෙන් වැඩ අරගෙන සතිය ගානේ. වැටුප් වැඩි කරන්න තිබුණා. අනුරට නැති මුදල් මේ හොරාට කොහෙන්ද? ජනතාව ගැන හිතන එකම නායකයා අනුර කුමාර විතරයි. ජේ ආර් ජනාධිපතිගෙන් පස්සේ මේ රට. අනුර කුමාරට ලැබුණා නම් අද ලන්කාව දිව්‍ය ලෝකයක්... ඔය කියන හොරු පාතාල එකෙක් බිහි වෙන්නේ නැහැ. මේ හොර නඩේ. තරුණ පරපුර විනාශ කෙරුවේ මොවුන්ට රජකම් කරගෙන. උගත් මිනිසාව පාගාගෙන ඉන්න. දැන්නම් පුතාණෝ... කාලේ නාස්‍ති නොකර ගිහින් වයසට ගිහින් ලැබුණු දරුවාගේ දරු සුරතල් බලන්න. එපමණයි තියෙන්නේ... බොරු වැඩක් විපක්ශ නායකකම පාස්කුවේ මිනීමරුවෝත්. ඔය ගෝබ්බ රැලෙන් නේද? සැලසුම....
මෙයා තමයි රජය ගැන බොරු මත ගොඩ නගන්න හදන්නනෙ, හැබැයි ඒක වෙන්නෙ නැති දෙයක්, රජයට තව වසර හතරහමාරක් තියෙනව, පොරොන්දු ඒ අයුරින්ම නොවුනත් හැකිතාක් ඉටුකරල තියෙනව, වැටුප් වැඩිවීම බලන්න, ඒකෙන් කවුරුත් සෑහීමකට පත්වෙලා , මෙයා කෙඳිරිගෑවට, හැබැයි මේගොල්ලෙ එදා මේ රජය බලයට පත්වුවහොත් වෙනදේ ගැන කියපු ටොන් පච එකක්වත් උනේ නැහැ, ඒකෙන් මෙයා විතරක් නෙවෙයි සංඝයා වහන්සෙලාත් පච උනා මෙයාගෙ ලණු කාල