IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අසර්බයිජාන් හී මියගිය සිසුන්ගේ සිරුරු අද ලංකාවට

( තිළිණි ද සිල්වා ) 

අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘත දේහයන් අද (15) පෙරවරු 9.20ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළේය.

මෙම මෘත දේහයන් දිවයිනට ගෙන්වීමට කටාරයේ දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් , ඉරානයේ ටෙහෙරාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් කටයුතු කරනු ලැබීය.

අසර්බයිජානයේ සිට දේහයන් මෙරට ගෙන්වීම සදහා වැයවෙන ගාස්තු සදහා විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 15 ක රජයේ මුදල් ලබා දෙන ලදී .

සිසුවියන්ගේ පශ්චාත්  මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමත් සමඟ කඩිනමින් මෘත දේහයන් ගෙන්වීමට විදේශ  සබඳතා අමාත්‍යාංශය  කටයුතු කළේය.

අසර්බයිජාන්හි බකු අගනුවර කැස්ෆියන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් පසුගිය 9 වැනිදා ජීවිතක්ෂයට පත් විය.

එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ හටගත් ගින්නකින් පසු එහි දුම ආඝ්‍රහණයවීම හේතුවෙන් ඇති වු අසාමිකතාවක් මත ශිෂ්‍යාවන් තිදෙනා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් තිබිණි.

කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි ශිෂ්‍යාවන් තිදෙනෙකු සිද්ධියෙන් මියගියේය.මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් ද වූහ.

(දෝහා  සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එම සිරරු රැගෙන අවස්ථාවේ ඡායාරූප)

ඡායාරූප - ටී.කේ.ජී.කපිල

 



අදහස් (2)

අසර්බයිජාන් හී මියගිය සිසුන්ගේ සිරුරු අද ලංකාවට

Swarna Wednesday, 15 January 2020 07:50 AM

තරුණ ජීවිත තුනක්. මතු භවයකදී වත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. ඔබ තිදෙනාටම නිවන් සුව පතමි...

:       33       83

Rohana Wednesday, 15 January 2020 04:26 PM

ජීවිතයේ කොතරම් බලාපොරොත්තු ඇතිවද මේ දරුවන් අධ්‍යාපනය සඳහා පිටරට ගියේ. එ්ත් නොසිතූ මොහොතක මෙවැනි අනතුරකට පත්වීම ගැන අපට තිබෙන්නේ හරිම දුකක්... මොනවා කරන්නද? මතු භවයෙදීවත් මෙවන් අකල් මරණ සිදුනොවේවා! බලාපොරොත්තු සඵල වේවා...!!!

:       1       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site