IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අසුපිනිඇල්ලේ ජල ව්‍යාපෘතියේ නල ගිනි ගනී

(චමිල් රූපසිංහ)

ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදි විවෘත කිරිමට තිබු අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් ජල නල විශාල ප්‍රමාණයක් හදිස්සියේ ගිනි ගැනිමකට ලක්ව ඇතයි වාර්තා වේ.

කෝටිගනනක ජල නල මෙහි තිබූ බව ඉංජිනේරුවෝ පවසති.

මෙම ජල නල අරණායක උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගබඩා කර තිබියදී මෙම ගින්න ඇතිවී තිබෙන අතර අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් සියලුම ජල නල මෙහි තිබු බවද ඉංජිනේරුවෝ පවසති.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරයි.

අරණායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.



අදහස් (7)

අසුපිනිඇල්ලේ ජල ව්‍යාපෘතියේ නල ගිනි ගනී

රාජ්‍ය දේපළ Friday, 19 May 2023 07:30 PM

නැවතත් රාජ්‍ය දේපළ ගිණිතියන යුගයක්වත් ඇවිල්ලාද?

:       13       37

සෙනෙවිරත්න Friday, 19 May 2023 11:51 PM

ඔව් වසර හැත්තෑවත් රටම ගිනි තියපු හොර තක්කඩි, සමහර වෙලාවට ලීකේජ් වහන්න තමන් හම්බකරන් කන තැනටත් ගිනි තියනවා. යුගයක රාජ්‍ය දේපල විනාශ කලේ කැරලි කාරයින්,⁣ මේ කරන්නේ සුදු ඇඳගත්තු ඡන්දෙන් පත්වෙච්චි අය...

:       1       0

සුන්දරාSaturday, 20 May 2023 12:11 PM

ඇවිල්ලා නොවෙයි, එනවා කියන පෙරනිමිති තමයි දැන් පෙන්වන්නේ... මේවාත් රටේ ආදායම් හා විදේශීය ණය මුදල් ගසාකෑමට අමතරව නාස්ති වෙන වැඩ තමයි...

:       0       2

අමා Friday, 19 May 2023 07:38 PM

ඕවා අහම්බෙන් සිදුවෙන දේවල් නෙමෙයි. හිතාමතා කරන පව්කාර දේවල් අහිංසක ජනතා බදු මුදල්... මොවුන්ට මෙලොවදීම පටිසන් දෙන්න ඕනෑ...

:       4       59

Prabha Friday, 19 May 2023 09:23 PM

කවුරු කළත් මේවා ජාතික අපරාධ...!

:       0       1

සුගතපාල Saturday, 20 May 2023 06:10 AM

රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු ඇමති කෙනෙක් 1970 සිටම මේ දක්වාම මන්ත්‍රී කෙනෙක් හැටියට ඉන්නවා. එයා මෙතෙක් ජනතාව වෙනුවෙන් ප්‍රයෝජනවත් දෙයක් හැටියට කරපු කිසිවක් නැතත් කැළණි වැලි දුම්රිය මාර්ගය වැසීමට අත උස්සලා තියෙනවා.. ඔහුට තමන්ගේ ආසනය දක්වාවත් එම මාර්ගය තබාගන්න බැරිවුණා. ඔහු පොහොට්ටු ආණ්ඩුව පත්වෙලා ජලඇමැති වෙලා ජල ව්‍යාපෘතියක් කරන්න ආරම්භ කළා.. ඇත්තටම ඒකටත් ඔහොම ජල නල විශාල වශයෙන් ගෙනැවිත් ගොඩගසා තිබුණා... දැන් ව්‍යාපෘතිය නැහැ ජල නලත් නැහැ.. මෙහෙම අපරාධ ගැන බලන්න කෙනෙක් නැද්ද?

:       0       2

Bunny Preena Saturday, 20 May 2023 09:06 AM

හොඳටම සැලසුම්සහගතව ව්‍යාපෘතියේ කිසියම් කෙනෙකුගේ හෝ පිරිසකගේ අනුදැනුම සහිතව කළ ක්‍රියාවක් බව පැහැදිලියි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site