
(අංජුල මහික වීරරත්න)
විදාතා සම්පත් මධ්‍යස්ථාන සඳහා වන උපාය මාර්ගික සැලැස්ම - 2026-2030 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විද්‍යාත්මක පර්යේෂණ හරහා ජනිත වන නව්‍ය තාක්ෂණික දැනුමෙන් ග්‍රාමීය ප්‍රජාව සව් බල ගැන්වීමේ අරමුණින්, ' ගමට තාක්ෂණය ' යන සංකල්පය යටතේ, විදාතා වැඩසටහන ආරම්භ කරනු ලැබ ඇති අතර, මේ වන විට රට පුරා විදාතා මධ්‍යස්ථාන 315ක් ක්‍රියාත්මක වේ.
2021 - 2024 කාලය තුළ අඩු අවධානයක් යොමුව තිබූ ගමට තාක්ෂණය ' යන සංකල්පය සවිමත් පදනමක් යටතේ ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් විදාතා වැඩසටහන සඳහා පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම - 2026-2030 සකස් කරනු ලැබ ඇත.
එමෙන්ම, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතන සමඟ සහයෝගීතාවයෙන් විදාතා සම්පත් මධ්‍යස්ථාන ක්ෂුද්‍ර සේවා හා ආධාරක මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමේ මුලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව, 2026 - 2030 කාලසීමාව සඳහා විදාතා වැඩසටහන වෙනුවෙන් සකස් කරනු ලැබ ඇති පස් අවුරුදු උපාය මාර්ගික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315 සඳහා එක් විදාතා මධ්‍යස්ථානයක එක් විද්‍යා උපාධිධාරියෙකු බැගින් වන පරිදි සේවයේ යෙදවීමටත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත් දැනුම ගමට ගේන ’’විදාතා’’දියුණු කරයි