
(අංජුල මහික වීරරත්න)
තිරසර කෘෂි වැඩසටහන' කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්ම අංශයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාක්මක වේ.
එම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ ලබා දී ඇති ණය වල සියලුම අයකර ගැනීම් කෘෂිකාර්මික ණය ලබා දීම සඳහා වෙන් වූ 'තිරසර කෘෂි අරමුදල ' යනුවෙන් නම් කරනු ලැබ ඇති චක්‍රීය අරමුදලකට යොමු කරනු ලැබේ. එකී අරමුදල භාවිත කරමින් කෘෂිකර්මාන්තයේ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නියැලී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා ' තිරසර කෘෂි වැඩසටහන' නමින් කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
තිරසර කෘෂි අරමුදලේ පවතින අරමුදල් වලින් රුපියල් මිලියන 800ක මුදලක් ' තිරසර කෘෂි වැඩසටහන' 2026 වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කිරීමට අපේක්ෂිතය. ඒ අනුව, 'තිරසර කෘෂි වැඩසටහන ' ණය යෝජනා ක්‍රමය සහභාගීත්ව මූල්‍ය ආයතන මඟින් 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් කෘෂි ණය යෝජනා ක්‍රමයක් එයි