
(කාංචන කුමාර ආරියදාස)
බකමූණ සහ කළුන්දෑව ප්‍රදේශයේ අලි වැට රාජකාරියේ යෙදී සිටි වන ජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත සේවකයන් එකොළොස් දෙනකු හිතවත් කාන්තාවකගේ ගෙවත්තක් පිරිසිදු කිරීම සඳහා යොදා ගත් වනජීවී අඩවි සහකාරවරයකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
අනතුරකට පත් වූ මුවකුගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් මාධ්‍යවේදීන් පිරිසක් බකමූණ වන ජීවී කාර්යාලයට ගිය අවස්ථාවේ මෙම සිද්ධිය අනාවරණය කොට ගෙන ඇත.
බකමූණ බීට්ටු කාර්යාලයගේ ගේට්ටුවට ඉබි යතුරු දමා වසා දමා තිබූ අවස්ථාවේ මාධ්‍යවේදීන් බකමූණ සහ කළුන්දෑව ප්‍රදේශය භාර වනජීවී දෙපාර්තමේන්තුවේ අඩවි සහකාරවරයකුට දුරකතනයට ඇමතුමක් ලබාගෙන අනතුරට පත් මුවා පිළිබඳව දැනුම්දී ඇත.
ඔහු සඳහන් කළේ තමන් ඇතුළු කණ්ඩායම හදිසි රාජකාරියක් සඳහා කණ්ඩලම ප්‍රදේශයේ වනයක් මැද හදිසි රාජකාරී කටයුතුවල නිරතව සිටින බැවින් විදුලි වැට රාජකාරියේ සිටින නිලධාරියකු හෝ යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු හෝ යොදවා එම මුවා අනතුරෙන් ගලවා ගැනීමට උත්සාහ කරන බව සඳහන් කළේය.
පැය ගණනාවක් ගිය ද කිසිදු අයකුගේ අවධානයක් යොමු නොවූ අතර නැවතත් අඩවි සහකාරවරයා ඇමතුමක් ගෙන විමසීමේදී මුවාගේ ඡායාරූප සහ වීඩියෝ ඇත්නම් ඔහු වෙත එවන ලෙස ඉල්ලීමක් කළේය.
කෙසේ වෙතත් මාධ්‍ය කණ්ඩායම මේ පිළිබඳව සොයා බැලීමේදී හෙළිදරව් වූයේ අඩවි සහකාරවරයාගේ හිතවත් කාන්තාවකගේ පාළුවට ගොස් ඇති දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ ගෙවත්තක් සුද්ද පවිත්‍ර කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත අලි වැටවල්හි සේවය කරන සේවකයන් එකොළොස් දෙනෙකු රැගෙන ගොස් ඔහුද එහි සේවා කටයුතු සපයන බවය.
මාධ්‍ය කණ්ඩායම කඩිනමින් කපුවත්ත ප්‍රදේශයට ගොස් සොයා බැලීමේදී අලි වැටවල සේවය කරන රාජ්‍ය සේවකයන් මෙම කාන්තාවගේ නිවස සහිත ඉඩම සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරතව සිටින අයුරු දැකගැනීමට හැකි විය.
සේවා සපයමින් සිටි සේවකයන්ගෙන් විමසීමේ දී කියා සිටියේ එකොළොස් දෙනෙකු මෙහි පැමිණි බවත් අඩවි සහකාරවරයාගේ ඉල්ලීම පරිදි පැමිණි බවද ඔවුහු සඳහන් කළහ.
අඩවි සහකාර රෝහණ ලියනගේ මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ මෙම සේවකයන් නිවාඩු ලබා ඇති බවයි. රාජකාරී කටයුතුවලින් බැහැරව සිටි පිරිස රැගෙන ආ බව ද ඔහු සඳහන් කළේය.
එක් යතුරු පැදියක ගිය සේවකයන් දෙදෙනෙකු තණකොළ කපන යන්ත්‍රයක් ද සහිතව කිලෝ මීටර් තිස් පහක් පමණ දුර දඹුල්ල වෑවලවැව ගෝනවැව අලි වැටේ රාජකාරී කරමින් සිටියදී ගොස් ඇති බව අනාවරණය කර ගැනීමට අපට හැකි විය.
මේ පිළිබඳව ඇලහැර අඩවි ආරක්ෂක නලින් ජයසූරිය මහතාගෙන් කළ විමසීමේදී සඳහන් කළේ වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ උපදෙස් පරිදි දැනටමත් මෙම නිලධාරියා පිළිබඳව විමර්ශන කටයුත්තක් ආරම්භ කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd