IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි

(සුජිත් හේවාජුලිගේ)


හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක්  සටහන් කර ගත්තේය.

රෝයල් පාක්  ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කෙරුණු විත්තිකරුවූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට  පොදු සමාව ලබාදීම සඳහා  අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගත් බව එම කොමිෂන්  සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පුද්ගලයකු අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමක් අනුව කොමිසම ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේය. රෝයල්  පාක් ඝාතන සිද්ධිය වූයේ පසුගිය  2005 වර්ෂයේ ජුලි මස පළවෙනිදාය.

ඉවෝන් ජොන්සන් නමැති ස්වීඩන  ජාතික තරුණියක් එහිදී මරුමුවට පත්වූවාය.මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදී ඔහු විසින්  2019 වර්ෂයේදී එම විත්තිකරු පොදු සමාව යටතේ නිදහස් කරනු ලැබීය.



අදහස් (2)

අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි

Ajith Wednesday, 27 November 2024 04:29 PM

ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වුණු ව්‍යාපෘතියක් ලබා දීම සඳහා ඩොලර් මිලියන 1.8ක අල්ලස් ගත් සිද්දියටත් මෙයාගෙන් ප්‍රශ්න කළ යුතුයි...!

:       1       13

de silva Thursday, 28 November 2024 08:09 AM

ඩඩ්ලි සිරිසේන ළග තිබෙන්නේත් මෙයාගේ සල්ලි , දේශපාලනය උපයෝගී කරගෙන අල්ලස් දුෂණයෙන්, සල්ලි හෙවුවේ නැතිනම් 90 දශකයේ මුල වැලේ වැල් නැතිව හිටිය මේගොල්ල දැන් ලංකාවේ සිටින කෝටිපතියන් අතර ඉහලම ස්ථානයක ඉන්නේ කොහොමද කියල දන්නා කෙනක් කියල දෙන්න , අනිවාර්යයෙන් ඇතුලට යන්න ඕනේ කෙන

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site