(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පළමු සතියේ සිට ආසන මට්ටමින් ඇරඹේ.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එක්සත් ජාතික පක්ෂය ආසන මට්ටමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මෙම වැඩසටහන අධීක්ෂණය සඳහා එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් අනුයුක්ත කිරීමටද නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඌව පළාතේ සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පක්ෂ දේශපාලන කටයුතු මෙහෙය වීමට නියමිතය.
එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ල, රත්නපුර,කලුතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වල සාමාජික ප්‍රවර්ධන කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.
එක්සත් ජාතික පක්ෂ පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ සංවිධාන ජාලය මෙහෙයවනු ලබන්නේ වයඹ පළාතේයි.
පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා මහනුවර,කොළඹ සහ මාතර දිස්ත්‍රික්ක වල සංවිධාන කටයුතු මෙහෙයවනු ලබයි.
ඊට අමතරව රුවන් විජයවර්ධන සහ සාගර රත්නායක මහත්වරුන් කොළඹ දිස්ත්‍රික්කයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ද අධීක්ෂණය කිරීමට නියමිතය.
අදාල දේශපාලන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට සතිපතා වාර්තා කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවලංගු කාසි මොන කරුමෙටද. අලුත් මූණු ඕනෑ. ඒ කියන්නේ අලුත් හොරෙක් ඕනෑ.
රුවන් වජිර අකිල හා සාගර හැර වෙනත් දක්ෂයෝ එජාපයේ ඇත්තෙම නැද්දෝඕඕඕඕඕඕ
තේරුමක් තියෙයි කියලා නම් හිතන්න බැහැ.මොකටත් අලි වැටවල් එහෙම බලලා යන ගමනක් යන්න .පස්සේ කියන්න එපා විදුලි සැර වැදුනයි කියලා
අලියා ගමට යැවුවේ පසු ගිය චන්දයේදී .නැවත එන එකක් නැහැ
තවත් නිෂ්ඵල ක්‍රියාවක්..
රනිල් පක්ෂය ඉන්නකම් එජාපයට නැගිටීමක් නැහැ.
රනිල් මාකට් කරන්න බැහැ... ලබන ඡන්දෙදී 3% නැති වෙනවා.
ඇයි රනිල්.... මුලින්ම අයින් කරන්න ඕන එයාව.මහා බල කනුවක් වගේ තිබුණ UNP ය පොලොවට සමතලා කලා.