
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ පෙරහුරුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීහු, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පියවර ගෙන තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අලුත්ද? රට හොරාකාපු පරණ සෙට් එකම තමයි...
රටකට විහිළු සැපයීම...
වියදම් අඩු, චාම් කියන්නෙ? ජනාදිපති එන්නෙ අශ්ව කරත්තෙන්ද? බක්කි කරත්තෙන්ද? තිරික්කලෙන්ද? නතිනම් බයිසිකලෙන්ද?
ඕකට සහබාගි උණු ඉස්කෝලේ ළමයි දන්නේ නැතුව ඇති , ඔකේ ඉන්න හොර සීයල ටික ඒගොල්ලොන්ගේ මුළු අනාගතේම විනාශ කරලා ඉවරයි කියල