
(ජේ. ඒ. එල්. ජයසිංහ)
මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා සිය අනන්‍යතාවය හෙළිනොකර සිය මෝටර් රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රෝහල් පරිශ්‍රයේ මාර්ගයට ඇතුල්වීමට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරින් අවසර නොදීම නිසා රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.
මෙම අවස්ථාවේ මන්ත්‍රීවරයා තමන් කවුද දැයි හඳුනන්නේ නැද්දැයි රෝහලේ ආරක්ෂක නිලධාරින්ගෙන් විමසූ විට ආරක්ෂක නිලධාරින් මන්ත්‍රීවරයා කවුදැයි නොහඳුනන බව පැවසීම නිසා රෝහල් පොලීසීයේ නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා තිබේ.
කෙසේ වෙතත් පොලිස් නිලධාරින් ද මෙම තරුණ මන්ත්‍රීවරයා හඳුනා නොගැනීම නිසා එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ බව රෝහල් සේවකයෝ සහ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීහු පැවසූහ.
මෙම තරුණ මන්ත්‍රීවරයා පැමිණි වාහනයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු බවට හඳුනා ගැනීම සඳහා රාජ්‍ය ලාංඡනය හෝ වෙනත් හඳුනාගත හැකි ලාංඡනයක් ප්‍රදර්ශණය නොකිරීම නිසා රෝහලේ ආරක්ෂක නිලධාරින්ට සහ පොලිස් නිලධාරින්ට ද මන්ත්‍රීවරයා හඳුනා ගැනීම අපහසු වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් මන්ත්‍රීලා පරණ අය විදියටම රාජ ඌෂ්ණය පෙන්නන්න පටන්ගෙනද? මන්ත්‍රීලාට රෝහල් තුළ වාහන පදවන නිදහස දීලා තියෙනවාද?
ලගදීම මේ දේ ජනාදිපතිවරයටත් වෙයි. ඉස්සර ගොබ්බයෙක් යනකොට පාරවල් වහනවා. පාරේ ඉන්න මිනිස්සු අයින්කරනවා. නලා ගහගෙන සැලුට් ගහගෙන. උඩින්හෙලිකොප්ටර්. යටින් සුපිරි වාහන පෝලිමේ එක ගොබ්බයෙක්ට දැන් ගොබ්බයින්ට හරි ලැජ්ජා ඇති... ඒවා මතක්වෙනකොට. දැන් පවුල් පිටින් පෝලිමේ උසාවි යනවා. මිනිස්සු දන්නෙත් නැහැ. කොහොමද වෙනස...?
උනුත් එකයි, මුනුත් එකයි, ඔක්කොම එකයි.
වාහනයේ තමන්ගේ අනන්‍යතාවය නොපෙන්වා කටයුතුකළ මන්ත්‍රීගේ වරදින් සිදුවූ දෙයක් කියලා පැහැදිලිව පේනවා..
මාලිමාවේ අයගේ උද්දච්චකම කියන්නේ මේකට තමයි. බොරුවට සමාජෙට පේන්න මන්ත්‍රී බෝඩ් ගලවනවා. ඊට පස්සේ ගේට්ටුවල රාජකාරි කරන අයට තග දානවා. අඳුනන්නේ නැද්දා කියලා අහන්න ඕනේ නෑනේ... කෙලින්ම මමයි අහවල් මන්ත්‍රී කියන්නනේ තිබුනේ. මාලිමාවෙන් ආපු රොඩු බොඩු පොල් කෝම්බ කාටවත් අඳුනන්න බෑ තමයි.
අනේ ඉතින් මේ අයව අඳුනාගන්න තරම් වැදගත් අයද?
මන්ත්‍රීට එක නීතියකුත්, පොදු ජනයාට තව නීතියකුත්ද?
පාර්ලිමේන්තුවෙන් නිකුත් කරන මන්ත්‍රී හැඳුනුම්පත නොපෙන්වූයේ ඇයි?
ලංකාවේ නූගත් ගංකබරයින් හිතන්නේ ඔවුන්ව මූණෙන් අඳුනාගන්න පුලුවන් වෙන්න ඕන කියලා හැම කෙනාටම. බරක් ඔබාමාගෙන් අයිඩී එක ඉල්ලපු ඇමරිකානු මැතිවරණ නිලධාරිනිය මතක් වුණා. මේ වගේ දූපත්වල ගංකබරයෝ කවදා ඒ මට්ටමට එයිද?
මෙවැනි දේවල් පිළිබඳ සාමාන්‍ය දැනීම මන්ත්‍රී සතුකර ගතයුතුයි. නිහතමානීකම නිසා, ආරක්ෂකයෝ නැතිව වාහනයෙන් ගියද, තමා හඳුනාගත හැකි යමක් සතුවිය යුතුයි...
කවුරු උනත් , අනන්‍යතාවය තහවුරු කිරීම වැදගත්
මන්ත්‍රීලා නෙවෙයි මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිලා කවුද කියලාවත් අපිත් දන්නේ නැහැ
ඔය එන්නේ VIP උන්මාදේ ටික ටික. කිව්වේ පාරෙ හිඟාකාලා ජීවත් වෙන්නන්. පඩි ගන්නේ නෑ, පිනට වැඩ කරනවා, සිකුරිටි ඕන නෑ, පාරෙ බස් එකේ යන්නන්. ලක්ශ 12ට විට්ස් කාර් දෙන්නන්. මාස 6න් 6ට පඩි වැඩි කරන්නන් කියල. උන්ට නෙමෙයි ගහන්න ඕන. මේ වගේ තක්කඩින්ට ඡන්දෙ දුන්න දේශීය ගව සම්පතට.
බොරුවෙන්ම මිනිස්සු අන්දවපු සහ අන්දවමින් යන(විශේෂයෙන් කාන්තාවන්)මන්ත්‍රීන් 159 දෙනෙක් කොහොම අඳුනගන්නද අප්පා?
පුදුම වැඩේ කියන්නේ මේක ලියපු ලියුම්කරුත් මෙයා මන්ත්‍රී කෙනෙක් කියලා දැනගත්තට කවුද කියලා හරියටම අඳුනාගෙන නෑනේ.
රැල්ලට ගසාගෙන ආපු පොල් ලෙලි හිතාගෙන ඉන්නේ මුලු රටම ඔවුන්ව අඳුනනවා කියලා.
යෝගා වගේ අය හිස් මුදුනේ තියාගෙන හිටපු පොල් ගෙඩි රට කළ හැටි හොඳටම ඇති . තවද පරණ පද්ධතියකටම ආවඩන්නේ නැතුව යන තැනකට පිනක් දහමක් කරගන්න
අරංචි විදියට පුතානෝගේ පක්ෂේ පොල් ලෙල්ලක්
මොකක්ද මේකෙ තියෙන ප්‍රවෘත්තිමය වටිනාකම?
රාජකීය ඌෂ්ණය ලෙඩේ වැළඳෙන්න පටන් ගත්තා නේද?
ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීලාටත් අර පොලිසියට, හමුදාවට තිබෙන ආකාරයට අලුතෙන් නිල ඇඳුමක් හඳුන්වා දෙන්න... එතකොට ප්‍රශ්නේ නිකන්ම විසඳෙනවා.
මෙතැන මේ මන්ත්‍රී ජාතික ජනබලවේගයේ කියලා කොතනකවත් සඳහන්ව නැතිව තිබියදී දිවැසින් දැකලා වගේ රජයට අවලාද කියන මී ගවයින් ගැන අපට පුදුමයි. මේ උන්නැහේලා වසර හැත්තෑ හයක් හිටියේත් ඔහොම්ම තමයි...
කාටහරි ගහලා පාරේ කුණුහරුප කියලා ඉස්සර මන්ත්‍රීලා රටේ ප්‍රසිද්ධ වුනේ. දැන් ඒ සංස්කෘතිය ඉවරයි මේ නව පාලනය යටතේ. ඒකට අකමැති අපේ ගව සම්පත විවිධ කතා කියනවා...