
(ගයාන් සූරියආරච්චි)
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පත්කර ඇත.
එංගලන්තයේ බකින්ග්හැම්ෂයර් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී ගෞරව උපාධිය ලබාගෙන ඇති වුට්ලර් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබදව ශාස්ත්‍රපති උපාධිය ද හිමිකරගෙන ඇත.
සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු සන්නිවේදනය කළ හැකි ඔහු දිවයිනේ පොලිසි රාශියක සේවය කර ඇත. පොලිස් පරීක්ෂකවරුන්ගේ ටයි පටියේ නිර්මාතෘ වන්නේ ද වුට්ලර් මහතාය.
පොලිස් සේවයේ අත්දැකීම් බහුල නිලධාරියකු ලෙස ද වුට්ලර් මහතා හැදින්විය හැකිය.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා තිබුණත් වැඩක් නෑ, ප්‍රසාදිනීලාට ඕන ඕන එක කියන්න වෙනවා.