IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අර්ජුන - ධම්මික රණතුංග ගැන පරීක්ෂණ කඩිනම් කරන්න

(යොහාන් භාසුර)

හිටපු අමාත්‍යවරයෙකු  වූ අර්ජුන රණතුංග සහ ඔහුගේ සහෝදරයෙකු වන ධම්මික රණතුංග යන මහත්වරු කළේ බව කියන රුපියල් මිලියන 800ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙස සිවිල් බුද්ධි පෙරමුණ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

එම පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා අදාළ ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අර්ජුන රණතුංග මහතා ලංකා ඛනිජ සම්පත් සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙම මුදල් අවභාවිතාව කර ඇති බවය.

එම කාලය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස අර්ජුන අනතුංග මහතාගේ සහෝදරයකු වන ධම්මික රණතුංග මහතා කටයුතු කර ඇති බව ද මහවත්ත මහතා කීය. එම දෙපළ කර ඇති බව කියන මෙම මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් 2019 වසරේදී ගොනු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කරන විමර්ශනය මේ වන විට අඩපන වී ඇති බවත් එලෙස විමර්ශන කටයුතු නවතා තිබීම සැකයට කරුණක් බවත් ඔහු සදහන් කළේය.

"මෙම සිද්ධිය පිලිබදව අධිකරණයට කරුණු වාර්තා වෙලා තියෙන්නේ. අපි අහන්නේ දේශපාලන බලය නිසාද මෙම විමර්ශන අඩපන වෙලා තියෙන්නේ. රාජිත සේනාරත්න අත්අඩංගුවට ගත්තා නම් ඒ, වගේම තවත් හිටපු ඇමතිවරු අත්අඩංගුවට ගත්තා නම් මෙම විමර්ශනය විතරක් ප්‍රමාද වෙන්නේ ඇයි. එක්කෝ ඔවුන් වැරදිකරුවන් වෙන්න ඕන, නැත්තම් නිවැරදිකරුවන් වෙන්න ඕන. එම නිසා මේ සියල්ල ගැන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපි මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා. මේ ගැන විමර්ශන කඩිනම් කරන්න කියලා." යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

අර්ජුන - ධම්මික රණතුංග ගැන පරීක්ෂණ කඩිනම් කරන්න

ගමේ එකාලා Friday, 12 September 2025 03:37 PM

දූෂිත පවුල් පාලනේ අය වගේම තවත් දූෂිතම පවුලක්. මහ එකා රෙජී රණතුංග ඇමති වෙලා ඉන්නකොට සමූපේ නැති බඩු ගෙදර ගොඩ ගහලා,දේසපාලනෙන් හොරා කාලාම බඩවඩා ගත්තු දූෂිතයෝ.

:       5       12

Nishan Friday, 12 September 2025 03:38 PM

හොරකම් කලා කියලා හිරේ දැමීමෙන් වෙන්නේ ජනතා බදු මුදලින් ඔවුන්ට හිරේදී කන්න අඳින්න දෙන්න වීමයි, හිරගෙවල් හදන්නයි, ඒවායේ සේවයට අළුතෙන් බඳවාගන්න නිළධාරීන්ට පඩි ගෙවන්න ජනතා බදු මුදල් වියදම් වීමයි විතරයි. කළ යුත්තේ ඒ හොරකම් කරපු ගාණ හරියටම ගණනය කරලා ඔප්පු කරලා ඔවුන්ගෙන් ඒ මුදල් ආපසු අය කර ගැනීමයි. ඒක නොකර වෙන කිසි දඬුවමක් දීලා වැඩක් නෑ...

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 214 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site