IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අයවැයට විරුද්ධ වු දේශපාලකයන්ට වතුකම්කරුවෝ එරෙහි වෙති

(රංජිත් රාජපක්ෂ)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන නගර වල වතු කම්කරුවෝ අද පස්වරුවේ විරෝධය දක්වමින් උද්ඝෝෂණයක නිරත වූහ

උද්ඝෝෂණවයට ආ වතු කම්කරුවන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක උද්ඝෝෂණ සහ වැඩ වර්ජන කරමින් තම වැටුප වැඩි කර ලබා නොගත් බවත්, ඉතිහාසයේ පළමු වතාවට වැඩ වර්ජන හෝ උද්ඝෝෂණය නොකරමින් එක්වර රු.400ක වැටුපක් ලබා දීමට ජනාධිපතිවරයා සහ වත්මන් රජය කටයුතු කළ බවයි.

විපක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශපාලාඥයන් සහ විපක්ෂය ඇතැම් පිරිස් වතුකරයේ ජනතාවගේ දුක හදුනන්නේ නොමැති බවත්, තමන්ගේ දුක දන්නා පාලකයන්ට ඉදිරියෙදි තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

බගවන්තලාව නගරයෙදි මිනී පෙට්ටියක් රැගෙන වතුකම්කරුවන් උද්ඝෝෂණය කරමින්  නාමල් රාජපක්ෂ මහතාගේ පිලිරුවක් සකස් කර එයට ද නගර මධ්‍යයේදි ගිනි තබා වැටුප් වැඩි කිරිමට විරුද්ධ වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපද ගිනි තබනු ලැබූහ.

 



අදහස් (0)

අයවැයට විරුද්ධ වු දේශපාලකයන්ට වතුකම්කරුවෝ එරෙහි වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site