
(සුජිත් හේවාජුලිගේ)
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් එහි නායකත්වයෙන් ඉල්ලීම් කර ඇත.
මනෝ ගනේෂන් මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරයෙකි.
ඔහු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා ඊට පක්ෂව මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීම බරපතළ විනය විරෝධී කාරණයක් බව එම ක්‍රියාකාරීන් පෙන්වාදී ඇත.
පසුගිය මහ මැතිවරණයෙන් මනෝ ගනේෂන් මහතා පරාජයට පත් වී තිබියදී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුණේ ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබාගෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔහු එම විශ්වාසය බිඳ දමා ඇතැයිද පක්ෂ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.
2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැයට පක්ෂව ඡන්දය දුන් මනෝට විනය ක්‍රියාමාර්ග?