IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අමාත්‍යංශ කීපයක විෂය පථ ගැලවෙයි: ජනපතිගෙන් ගැසට්ටුවක්

(සුජිත් හේවාජුලිගේ)

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන් මෙන්ම  දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා  සංශෝධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ අැත

කැබිනට් මණ්ඩලයේ පසුගියදා සිදුවූ සංශෝධනයත් සමග  විෂය පථයන් මෙසේ සංශෝධනය කර ඇත

එ් අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු  කටයුතු අමාත්‍යංශයට පවරා  අැත

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයටද, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන්ස් පුද්ගලික ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතටද පත්කර ඇත

පරිසර අමාත්‍යංශය යටතේ පැවති භූ විද්‍යා, සමීක්ෂණ හා පතල්  කාර්යංශය කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතටත්, කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ පැවති කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතටත් පත්කිරීමට කටයුතු කර  අැත

මේ අතර බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින ලංකා විදුලිබල සමාගම සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර ඇති අතර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වාදුන් නව ආයතන 4 ද මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබ  ඇත

පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනයෙ දී හඳුන්වාදුන් අමාත්‍යංශවල විෂය පථයන් ද මෙම නව ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කර  අැත



අදහස් (0)

අමාත්‍යංශ කීපයක විෂය පථ ගැලවෙයි: ජනපතිගෙන් ගැසට්ටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1160 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site