(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ඡායාරූප වංචනික ලෙස ලබාගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළකර රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කිරීමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියකට අයත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙම වංචාව සඳහා යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
කඩවත, ජාඇල හා කිරිබත්ගොඩ ප්‍රදේශවල පදිංචි එම දරුවන්ගේ නිත්‍ය මව්පියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණය හා බුද්ධි විමර්ශන ඒකකයට ලද පැමිණිලි අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි. වි . ආර් ගයා ශ්‍රී මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව වංචාවට සම්බන්ධ කල්ලියේ තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
එම දරුවන්ගේ දෙමව්පියන් දරුවන්ට ඉක්මන් සුවය පතා විවිධ ආගමික මධ්‍යස්ථාන වෙත යොමු කර තිබූ ඡායාරූප වංචනික ලෙස ලබාගෙන ඡායාරූප ඉහළින් " අනේ මගේ පැටියට උදව් කරන්න " " මගේ පුතාගේ වයසේ අනිත් ළමයි ඉස්කෝලෙ යනවා. සෙල්ලම් කරනවා. ඒත් මගේ පුතා ඇඳක් උඩට වෙලා දුක් විඳිනවා' ආදී වශයෙන් ජනතා සිත් වේදනාවට පත්වන අයුරින් විවිධ වැකි යොදා" එම ඡායාරූප මුහුණු පොතට යොමු කර මෙම සංවිධාත්මක කල්ලිය කාලයක සිට මෙම වංචාව සිදුකර ඇති බව දීර්ඝ විමර්ශනයකින් අනතුරු අනාවරණයණය වී ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අපේක්ෂා රෝහලේ රෝගී දරුවන් විකිණූ තිදෙනෙක් මාට්ටු