IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අපි විගණන පනතට තටු දුන්නා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

තටු නැතිව තිබූ විගණන පනතට තටු සවි කිරීමට වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ සංශෝධන හරහා හැකියාව ලැබුණු බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"දැනට ආණ්ඩුව කරගෙන යන ක්‍රියා කාරකම් හමුවේ බයවී කකුල් වෙව්ලන විපක්ෂයක කාර්ය භාරය අද අපට දකින්නට ලැබුණා.විපක්ෂය උදේට එන්ජෝයි පැය භාගයක් දාගෙන තියෙනවා.

මේ අනසි ලෙස පාවිච්චි කරන්නේ මහජන කාලය.කලින් පනත යටතේ විගණකාධිපතිට සැලකිය යුතු වගකීමක් පැවරී තිබෙන බවත් අලුත් පනත යටතේ ඒ වගකීම වෙනත් කමිටුවකට දී ඇති බවත් විපක්ෂයෙන් කියැවුණා. පනත හරියට කියවලා එන්නැයි මා විපක්ෂයේ ඒ මන්ත්‍රීතුමාට කියනවා.එදා විගණන පනත සම්මත කරලා තිබුණේ තටු නැතිව .

අද කරන්නේ ඒ තටු ටික සවි කරලා දෙන එක.අධිබාර සමාලෝචන කමිටුව ස්වාධීන කමිටුවක්. ව්‍යවස්ථාදායක සභාව මගින් එය පත් කරනවා.කලින් තිබූ පණත යටතේ චෝදනා ලබන පුද්ගලයාට ගැලවී යාමට හැකියාවක් තියෙන යාන්ත්‍රණයක් තිබුණා. අප දැන් ඒ තත්ත්වය නැති කර තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

අපි විගණන පනතට තටු දුන්නා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 17 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 13 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site