IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


අනුර- සජිත් පොඩි ළමයි

(අංජුල මහික වීරරත්න)

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

රටේ පාලනයට දායක වූ කිසිම දේශපාලන පක්ෂයකට රට ණය උගුලක හිර කිරීමේ චෝදනාවෙන් නිදහස් වන්නට නොහැකි බව කී අබෙිවර්ධන මහතා අනුර ගත් ණයත් දැන් රනිල් විසින් ගෙවමින් සිටින බව කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණත් රට පාලනයට දායක වූ පක්ෂයක් බව කී වජිර අබේවර්ධන මහතා ඒ පාලනයේදී ගත් ණයත් දැන් රනිල් වික්‍රමසිංහ විසින් ගෙවමින් සිටින බව කීය. ඔවුන් ඇමතිකම් කරන සමයේ ලෝකයෙන් ලබා ගත් වැරදි සහගත ණය මෙලෙස ගෙවමින් සිටින්නේ යැයිද එජාප සභාපතිවරයා කීය.

 



අදහස් (31)

අනුර- සජිත් පොඩි ළමයි

Akila Friday, 19 April 2024 07:29 AM

මහින්දගේ කාලේ සුදු අලි හදන්න ගත්ත ණයයි ඉට පස්සේ රනිල්ගේ යහපාලන කාලේ ඊට නොදෙවෙනි විදිහට ගත්ත ණයයි වල පොලී ගෙවන්න කොවිඩ් කාලේ සිද්ධ වෙච්ච් නිසා තමයි රට බංකොලොත් වුණේ . මේ ආණ්ඩු දෙකම නැවත බලයට ගෙන්වන්න එපා

:       13       90

පතිරත්න Friday, 19 April 2024 07:33 AM

අවුරුදු 40 ක් පාර්ලිමේන්තුවේ ඉඳලා අනිත් ප්‍රධාන පක්ෂයත් එක්ක රට බංකොලොත් කරන්න දායක වෙච්ච දැන් අවුරුදු 75 ක් වයස පිං ජනාධිපති 2048 දී රට හදයි කියල හිතනවා නම් ඉතින් බත් කන මිනිහෙක්නම් වෙන්න බෑ

:       12       69

තරංග Friday, 19 April 2024 07:42 AM

දැනට පාර්ලිමේන්තුවේ ඉන්න පොඩිම ලමයා තමයි මේ. පොර කියන දේ මේ ලෝකේ තියෙන දේවල් නෙමෙයි

:       10       52

Lakmal Friday, 19 April 2024 07:53 AM

ඔයා වගේ කට වාචාලයෙක් ඉන්න පක්ෂයක තමයි ගියේ පාර ඡන්දෙන් ඇපත් නැතව ගෙදර ගියේ

:       9       60

අරවින්ද මොනරවිල Friday, 19 April 2024 08:01 AM

හීනමානයෙන් පෙලෙන හිස උදම්වා ගත් මෝඩයෙක්, අනුරට රනිල් එක්ක එකතුවෙන්න කියන්නේ මහා බැංකුවේ ඉතිරි ටිකත් හොරා කලා රට චීන ඇමරිකන් ඉන්දීය හවුල් කොලනියක් කරන්න හිතාගෙන වෙන්න ඇති.මේ මිනිහා දන්නේ නැහැ අඩුම තරමේ තමන්ගේ නායකයාට හිගාකන්න වත් නොතේරෙන බව. දැන් ජනාධිපති වෙලා අවුරුදු දෙකකට ආසන්න වෙනවා අඩුම තරමේ එක ඩොලරයක් රටට ඉල්ලාගෙන එන්න බැරි වුණා. එහෙව් එකා හදයිද රට.

:       13       75

රනේ Friday, 19 April 2024 08:42 AM

ඔයා තාම බඩේද?

:       26       45

Kumara Friday, 19 April 2024 08:51 AM

රට කාපු නාකි අය පස්සේ යන්නේ නෑ අපි ආයේ. මාලිමාව අනිවාර්‍යයෙන් දිනනවා.

:       86       60

Anura Friday, 19 April 2024 09:03 AM

හ්ම්ම්, මාටියා ගහන්න හරියටම දන්නේ නෑ. ඔබතුමන්ලා තමයි ඒකට පලපුරුදු.... මාලිමාවට ජය. හොරුන් ගෙදර...

:       55       49

sk Friday, 19 April 2024 09:26 AM

ඔයාලත් පොඩි අය වගේ තමයි. වෙනසක් නැහැ.

:       11       49

Senarath Friday, 19 April 2024 09:43 AM

කොහොමද හලෝ ණය ගෙවන්නේ? මේ හාදයා නිකන් කාට දොඩවන එක තමයි කරන්නේ

:       10       44

පිටරටවැසියා Friday, 19 April 2024 10:27 AM

මොවුන් ඔක්කොම ගත්ත ණයයි, ඒවායෙන් හොරාකාපු ඒවායි ඔක්කොම ගෙවන්නේ රටේ ජනතාව. හැබැයි කතාව හරියට ගෙදරින් ඩොලර් ගෙනහල්ල ගෙවනවා වගෙයි...පක්ෂ-පාට ඔළුවටත් උඩින් තියන් ඉන්න බත් කන ගවයින් අතලොස්සක් හැරුණම, රටේ බහුතරයක් ජනතාවට මේ ඔක්කොම දැනුවත්වයි ඉන්නෙ....

:       6       64

Chinthaka Friday, 19 April 2024 10:30 AM

ඔයා වයසින් වැඩි වුණත් පොඩි ළමයෙක්නේ , අනුර කොහෙද බබෝ පිටරටකින් ණය ගත්තේ

:       38       39

mdd Friday, 19 April 2024 10:38 AM

කණගාටු නොවන්න. ඔවුන් ඔබේ නායකයා තරමටම දන්නවා. ඔවුන් ද සවන් දීමට කැමැත්තෙන් සිටිති. ජන වරමක් නැති ඔබේ නායකයා මෙන් නොවේ.

:       8       36

Perera Friday, 19 April 2024 10:49 AM

අනුර රට ණය වෙන විදියට අරන් තියෙන ණය ගැන පොඩ්ඩක් විස්තර කියන්නකෝ

:       40       42

ධනුෂ්ක Friday, 19 April 2024 11:03 AM

බංග්ලාදේශයෙන් ගත්ත ඩොලර් මිලියන 200 ඇර රනිල් වෙන ණය ගෙවලා තියනවද?

:       23       32

Buddika Friday, 19 April 2024 12:04 PM

මේ වගේ අය නිසා තමයි unp එකට වැලේ වැල් නැති වුනේ. unp එක කෑවේ මේ ටික එකතුවෙලා. පාලිත තෙවරප්පෙරුම කියන්නේ මිනිස්සු බොහෝ ආදරේ කරන කෙනෙක් වෙලත් පරාද වුනේ unp එකෙන් ඉල්ලපු නිසා.

:       6       64

J R Randeniya Friday, 19 April 2024 12:09 PM

මෙයාට කට අරින්න මයික් අල්ලන්න එපා. ප්ලීස්...! ගාල්ල‍ේ අපිට ලැජ්ජයි..!

:       20       43

janahitha Friday, 19 April 2024 03:01 PM

නොදකින්..!

:       13       23

විදුර Friday, 19 April 2024 03:10 PM

මේ කාලකන්නි දේශපාලන හිඟන්නෝ කියන දේවල් අපිට දෙන්න එපා...!

:       16       20

shanthai Friday, 19 April 2024 03:52 PM

ඔව් තමුසෙලා තමයි වැඩකාරයෝ..අවුරුදු 76කම රට නැති කරපු අසික්කිත හැත්ත. අඩුගානේ ඡන්දෙකින්වත් දිනලා ආවානම් ..මුළු හික්කඩුව ගාල්ල කුඩු වලින් විනාශ කළා.

:       10       22

ගමේ එකාලා Friday, 19 April 2024 03:53 PM

පින් ජනපතියා හොදා කියලා වෙන්ඩැ කියන්ඩ හදන්නේ. අනුර ,සජිත් පොඩි ළමයි. තමුන් මොකුත්ම නොදන්න තොත්ත බබානේ ?

:       10       16

chinthana Friday, 19 April 2024 03:54 PM

ජාතික ජනබලවේගයට ජය වේවා !!! මාලිමාවට ජයවේවා !!!

:       32       24

Rata Perata Friday, 19 April 2024 04:26 PM

අනේ කොටෝ. උඹ හරි මහ මිනිහා. නොදකින්.

:       5       19

Prabha Friday, 19 April 2024 04:40 PM

මේ වගේ පොල් බූරුවෙක් සභාපති කරන පක්ෂය කොතරම් බුද්ධිමත් වෙන්න ඕනේද?

:       11       23

Nimal Friday, 19 April 2024 07:25 PM

රනිල්ද ණය ගෙවන්නේ? ඒ කියන්නේ මිනිහාට මාර වත්කමක් නේ ඇත්තේ..!

:       0       0

ගමිණී Friday, 19 April 2024 09:55 PM

වයසට ගියාම 70 පැනපු මිනිස්සු පොඩි ළමයි වෙනවා.

:       0       0

Chathuri Saturday, 20 April 2024 01:30 AM

මේ වගේ අය හොඳයි... පිටි කොටන්න ගන්න ඔලුවයි, බඩයි විතරයි මොලයක් නැහැ... පොඩි ළමයින්ට තියෙන දැනුමත් නැහැ. කට්ටියගේ ඉනෙන් පහළ පණ නැහැ බඩ ලොකු නිසා. මොවුන්ට රටක් නොවෙයි, බාර දෙන්න ඕනෑ ගවගාලක්. ෆාම් වලට සුදුසු කට්ටිය...!

:       0       0

Baba Saturday, 20 April 2024 06:03 AM

රනිල් නාකියි...!

:       0       0

Asela Saturday, 20 April 2024 08:26 AM

අනේ... ඔහේ හෙන ලොකු මිනිහා. අනේ යන්න. ගිය ඡන්දය මතක්කර ගන්න. ඔහෙලාගේ කෙරුවාව ඒකෙන්ම ඔප්පු වුණා... ලැජ්ජා නහර කපලා ගැට ගහලාද කොහේද?

:       0       0

චතුර Saturday, 20 April 2024 08:56 AM

ඔබතුමාගේ බෙල්ල ඇත්තට කෝ.. ? කඳට ඔලුව ඇලවිලා වගේ..

:       0       0

gunawath gunasingha Saturday, 20 April 2024 02:50 PM

ඔය පොඩි එවුන්ට දීලා කෙළවා ගන්නේ, ගෝඨාභයට දීලා කෙළවා ගත්තු එකටත් කළින්ම... දැනගෙන වැඩකරන්න. නැතිනම් ලෝක යුද්ධයක් අභියස මන්නා, පොලු පෝලිම්වලට එන්න පෙර ගෙදරදීම කජ්ජ ගහන්න වෙයි. කල්පනා කරන්න. නරුම, මිනීමරු කල්ලියක් ගේන්න පෙර... එදා මිනී මරුවෙක් ගෙනත් කෙළවා ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මාස දෙකහමාරේ බිළිඳියගේ සිරුර ලිදක
2024 මැයි මස 02 26 0

කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ ,මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුර එම නිවසේ ලිදේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි
2024 මැයි මස 02 378 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද(01) දින දෙවන වරටත් ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකර


දවසේ කාලගුණය
2024 මැයි මස 02 128 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බන


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 42 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 1546 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 1439 11

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 437 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1851 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1663 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site