
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීමේ 'e-Court' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් මුදල් යෙදවීමට කැබිනට් අනුමැති ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගනු ලැබ ඇත. එම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) හඳුන්වා දී සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී. ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩ විය සහ e-CMS පද්ධතිය, අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලු අධිකරණ සඳහා ද අනුවර්තනය කර යොදා ගැනීම 'e-Court' ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරනු ලබයි.
එමඟින් ජාතික අධිකරණ දත්ත ජාලයක් (National Judicial Data Grid) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, දීර්ඝ කාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිද භාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයට බාධා කිරීමේ හා ක්‍රියාපටිපාටිමය අකාර්‌යක්ෂමතා එමඟින් මග හැරවීමට හැකි වනු ඇත.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන හා 'ක්ලීන් ශ්‍රී ලංකා' උපාය මාර්ගය සමඟ අනුකූල වෙමින් 'e-Court' ව්‍යාපෘතිය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ' ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන වලින් 'e-Court' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධිකරණය ඩිජිටල් කරන්න ක්ලීන් ශ්‍රී ලංකා සල්ලි දෙයි