(අංජුල මහික වීරරත්න)
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දිසා අධිකරණයේ ලඝු ලේඛණ අංශ, ලේඛණාගාරය, දිසා අධිකරණ පැරණි ලේඛනාගාරය, ආපනශාලා පහසුකම්, පිස්කල් අංශ ඇතුළු අධිකරණ සංකීර්ණයේ අවශ්‍යතා නිරීක්ෂණ කළ අධිකරණ අමාත්‍යවරයා සේවකයින් මුහුණ දී සිටින ගැටළු සහ කාර්යාල ඉඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.
දිසා අධිකරණ ලේඛණාගාර පහසුකම් වැඩිදියුණු කිරීම, විනිසුරුවරුන්ගේ පහසුකම් හා දිසා අධිකරණයේ මේ වන විට සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අවධානය යොමු කළ අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අධිකරණ වල දුක බලන්න ඇමති යයි