(ඩී.ජී.සුගතපාල)
අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(16) නියෝග කළේය.
සැකකරුවන් තිදෙනා හංවැල්ල සහ රණාල පදිංචිකරුවෝ වෙති.
අහංගම නගරයේ බෑග් ව්‍යාපාරිකයෙකු ඊයේ (15) සවස මෝටර් රථයකින් පැහැරගෙන යමින් සිටියදී ඉමදුව පොලිස් මුර පොළේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අහංගම පොලිසිය වෙත බාරදි තිබිණි.
අහංගම දෙස සිට පැමිණි මෝටර් රථයක් ඉමදුව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට ඇතුලු කිරිමට උත්සාහකල අවස්ථාවේ එහි පොලිස් මුරපොලේ රාජකාරියේ සිටි නිලධාරින් විසින් සැකපිට මෝටර් රථය පරික්ෂා කිරිමේදි අනාවරණයවි ඇත්තේ පුද්ගලයෙකු පැහැර ගෙන යමින් සිටින බවය.
ඒ අනුව මෝටර් රථය සහ සැකකරුවන් තිදෙනාද පැහැරගැනිමට ලක්වු ව්‍යාපාරිකයාද අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අහංගම පොලිසියට බාරදි තිබිණි.
පරීක්ෂණවලදී අනාවරණයවි ඇත්තේ මෙම පැහැරගැනීම මුදල් ආරවුලක් මත සිදුව ඇති බවය.
කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ
රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක, සීද
උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණය වන බව පවසමින් වෛද්‍ය සැපයුම් අංශය සැවොරයිට් සමාගමට ඇණවුම් ඉදිරිපත් කර ඇති ඖෂධ තිස් අටෙන් දහයක්ම අත්‍යවශ්‍ය ඖෂ
දෙවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විධායක කමිටුවේ අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු බව එම අරමුදලේ සන්නිවේදන අධ්
වැලිවේරිය නගරයේදී රතුපස්වල ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ නඩුවෙන් හිටපු හමුදා මේජර්
වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අධිවේගී මඟේදී ව්‍යාපාරිකයා පැහැරගත් තිදෙනා රිමාන්ඩ්