(කේ. බුද්ධික කුමාරසිරි)

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජල මට්ටම සීග්‍රයෙන් පහළ ගොස් ඇති බැවින් ජල සැපයුම් සීමා කිරීම යටතේ අද (08) දින පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පාදුක්ක ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටිගන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල, යටවතුර ප්‍රදේශවලට මෙම කාලය තුල ජලය සීමා කෙරේ.