
(තිලකරත්න දිසානායක)
සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
සහන මිලට සහල්, සීනි වැනි ද්‍රව්‍ය සතොස වෙළඳසල් මගින් අලෙවි කරන බව රජය ප්‍රකාශ කළද අද ( 26) දිනයේ ගම්පහ ප්‍රදේශයේ සතොස වෙළඳසල්වල නාඩු සහල් මෙන්ම සම්බා සහල් සහ සීනි තොට අවස්වි තිබුණි. පරිප්පු කිලෝවක් රුපියල් 245 කි.
ගම්පහ නගරය ඇතුලු අවට සාමාන්‍ය වෙළඳසල්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 120 ත් රුපියල් 130 ත් අතර මිලකටද , සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 115 ක මිලකටද , සම්බා කිලෝවක් රුපියල් 145 ත් 155 අතර මිලකටද , කීරි සම්බා කිලෝවක් රුපියල් 190 ත් 200 ත් අතර මිලකටද අලෙවි කෙරෙන බව ජනතාව පවසති.
සාමාන්‍ය වෙළඳසල්වල සුදු සීනි කිලෝවක් රුපියල් 150 කට සහ රතු සීනි කිලෝවක් රුපියල් 160 කටද , පරිප්පු කිලෝවක් රුපියල් 260 සහ රුපියල් 290 වැනි මිලකටත් , තිරිගු පිටි කිලෝවක් රුපියල් 130 කටත් අලෙවි කෙරේ.
සුපිරි වෙළඳසල් මගින් නාඩු සහල් කිලෝවක් රුපියල් 118 ක්, සුදු කැකුළු රුපියල් 116 ක් සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 139 ක මිලකට අලෙවි කෙරෙන අතර අයකුට ලබාගත ප්‍රමාණය කිලෝ පහකි. එම වෙළඳසල්වල රතු සීනි කිලෝවක් රුපියල් 125 ක් වන අතර අයෙකුට ලබාගත ප්‍රමාණය කිලෝ එකක් පමණි.
හිටි හැටියේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් විශාල ප්‍රමාණයකින් ඉහළ යාම දරාගත නොහැකි තත්ත්වයක් බව ජනතාව පෙන්වා දෙන අතර රජයේ පාලන මිලක් නොමැතිවීම මත වෙළඳුන් නියම කරනු ලබන මිලට ද්‍රව්‍ය ලබා ගැනීමට සිදුවීමෙන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවද පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව හොඳ සෙල්ලම් ඉස්සරහට. ඇමතිවරු දෙන්න දැන්නම් පඹයෝ වගෙයි.
අව්ලක් නෑ. කන්න නැතත් රටක් තියෙනවනෙ. ඒ ගැන හිතලා සතුටු වෙන්න.
දැන් සැපද...........???
ඉල්ලුමට ප්‍රමාණවත් සැපයීමක් නැත්නම් භාණ්ඩ මිල ඉහළ යනවා. මෙම තත්ත්වය 2022 මැද වනවිට මෙයට වැඩිවී 2023 සාගත තත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා සියලු දෙනාම සැලකිලිමත් වේවා.
හිටි හැටියෙ නෙමෙයි දවස ගානේ
වැඩිය නහයෙන් අඬන්න එපා .හාමතේ මැරෙන්න හරි රටක් ඉතුරු වුනේ මහින්ද මහත්තයා හින්දයි