
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කෙරුණු 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය පිළිබඳ ගැටලුව මුල් කර ගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව එම තීරණය ගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව අද (7) දිනයේ විශ්වාස භංග යෝජනාවට අත්සන් කිරීම ආරම්භ කරන බවත් මේ සතිය තුළ එම යෝජනාව කතානායකවරයාට බාර දීමට කටයුතු කරන බවත් කරුණාතිලක මහතා පැවැසීය.
COMMENTS
ඔය විශ්වාස භංගය අනිවාර්යයෙන් පරදිනවා , පාර්ලිමේන්තුවේ මලිමවේ බොහෝ දෙනෙක් යුරෝපේ මෙන් ලංකාවෙත් පොඩි ළමුන්ට ලිංගික අධ්‍යාපනේ දෙනවට විරුද්ද නැහැ , එහෙ ගැණු ළමුන්ට කොන්ඩම් පැකට් එක දෙන්නේ දෙමවුපියන් විසින් , ඉදිරියට පිරිමි පිරිමි , ගැණු , ගැණු ප්‍රසිධියේ විවාහ වෙන එක සිදුවේවි , සිස්ටම් චේන්ජ් කියන්නේ මේවට ,
මේ මනුස්සයට අමු කැවිලද , මිනිස්සු අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව නිකරුනේ විනාශ කරන්නේ ? ළමුන්ට කුණු හරුප උග්න්වන්වට වැඩිය වෙන වැඩ නැද්ද ? පුලුවන්නම් ළමුන්ට ඉංග්‍රීසි ටිකක් වැඩිපුර උගන්වන්න කටයුතු කරන්න , මාලිමාවට කැන්වසින් කරපු මිනිස්සුන්ට පාරේ බැහැල යන්න බැහැ ඔහොම කරහම
අනේ හැරිණි මහත්මිය ඔය වගේ සංස්කෘතිය විනාශ කරන අනවශ්‍ය සමලිංගික සහ පොඩි ළමුන්ට කුණුහරුප උගන්වන ප්‍රශ්න හදන්න එපා , ලංකාවේ මිනිස්සු ඕවට කැමති නැහැ , එකෙන් වෙන්නේ රාජපක්ෂ හොරුන්ට නැවත චාන්ස් එකක් ගන්න පහසු වෙන එක , කරුණාකර ජිවන වියදම පහල දැමීම , හොරු ටික හිරේ යැවීම වැනි මිනිස්සු කැමති දෙයකට කාලය යොදවන්න ,
අවු 12, 13 වැනි ඉතා ලාබාල දරුවන්ගේ ජීව දත්ත තොරතුරු අන්තර්ජාලයට මුදාහරින්නට කටයුතු කිරීමේ චෝදනාවට (විශේෂයෙන්ම සමාජ විරෝධි ලිංගික කටයුතු සම්බන්ඳ ජාලයන් වෙත) හරිනි සිය තනතුරු වලින් ඉවත්වීම පමනක් ප්‍රමානවත් වන්නේ නැත. ඇය නීතිය හමුවට පැමිනවිය යුතුය. කිසිම රටක මෙවැනි චෝදනා වලදී වගකීම නිලධාරීන්ට හෝ වෙනත් පාර්ශවයන්ට විතැන්කොට පහසුවෙන් ගැලවී යාමට නීතියේ ප්‍රතිපාදන නැත.
විපක්ෂයේ වැඩ කොටසේ අනාවැකි කීමේ රහස් පොලිස් වැඩේ... විශ්වාස භංග ගැන ...
මොනම වෙනසකට වූවත් විරුද්ධ මත නවත්තන්න බෑ. ඒ ලෝක ස්වභාවය. ලෝකය එක්ක ඉදිරියට යනවා හැර පසුගිය සියවසට ආපස්සට යන්න හිතන කොටස් ගැන කරදර වීම නිෂ්ඵලයි. ඒත් වැරැදි දේ පෙළපොත් වලට ඇතුල් කළ අය සහ සෝදුපත් බලපු අය ගැන නිසි දැඩි පියවර ගත යුතුයි...
මේක මේ ආණ්ඩුව පිට දාන්න කරපු කුමන්ත්‍රණයක්... CID එකෙන් පරීක්ෂණ කරලා වහාම එළිකරන්න.
අපොයි දෙයියනේ, මේකද අපි බලාපොරොත්තු වුනු සැබෑ වෙනස? මේකද රටක සමාජ, සංස්කෘතික උන්නතිය? තමාගේ ලිංගික දිශානතිය අනුව රටක මුළු ජනතාව, අනාගත පරපුර හැඩගස්සන්න අවශ්‍යද? මාලිමාවට ඡන්දය දුන් අපිට, අපිමයි සාප කර ගන්න ඕනෑ...
මේ සමලිංගික කුණු හරුප ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. මේවා හිතාමතාම ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න හදපු කුණු හරුප..., දැන් විරුද්ධ වාදියෝ මතයක් රටේ හදනවා ජවිපෙ අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා, හරිනි මැතිනිය ආණ්ඩුව සහ පක්ෂේ විනාශ කරන්නේ නැතිව ඔබ අස්වෙලා ගෙදර යන්න. මේ ආණ්ඩුවට රටේ දුප්පත් කම නැති කරන්න ගොඩක් වැඩ තිබෙනවා , ලංකාවේ ඡන්ද දායකයා හරිම සංවේදී..., සහරාන් බොම්බේ ගහපු ගමන් ගෝඨාභය ජනාධිපති කළා ත්‍රස්තවාදේ රටේ නැවත ඒවි කියලා, රටේ ඡන්ද දායකයාගේ මනස තේරුම් ගන්න ඔබට බැහැ...
මේක මහා කුමන්ත්රයනක් , මෙතන කමෙන්ට් කරන සැමම, අගමැතිනියට විරුද්ධව තීන්දුව දීලා ඉවරයි... ඇයි ඔබල ඉන්නේ නැත්තේ මේ පරීක්ෂණය ඉවර වෙනකන්, දැන් කරුණ රහස් පොලිසිය පරීක්ෂා කරනවා... කොහොමද වුනේ කියලා, කරුණු විකෘති කරන සමාජ මාධ්‍ය දේශපාලුවන් මෙහෙය වන්නේ... බලන්න අනුන්ගේ ඉඩමක තිබුණු ගංජා පැල දෙකක් ගංජ හේනක් කරලා, ලග තියෙන මංත්‍රි කෙනෙකුගේ ඉඩමක තිබුණු ගංජ හේනක් බවට..., හිරු සහ දෙරන පත්කළා. අද එම ප්‍රකාශවලට රුපියල් බිලියන 3 ක් ඉල්ලලා, ඒ මන්ත්‍රි නඩු දාලා, දැන් හිරුටයි, දෙරණටයි ගංජා හේන මවපු හැටි අධිකරණයේදී කියන්න පුලුවනි...
මෙය සම්පුර්න කුමන්ත්‍රණයක්, හේතුව හැම පැත්තකින්ම මේ රජයට මඩ ගහන්න මෙරට බලයක් නැති විරුද්ධ පක්ෂය තටමනවා. බලන්න ගංවතුර ආවාම කිව්වා වාන්දොරටු එක පාරට ඇරිය එකයි මේ විනාශය කියලා, නඩු දානවා කිව්වා තාම නඩු නැහැ. ඊට පස්සේ ගංවතුර ආධාර මිනිසුන්ට ලැබුනේ නැහැ කියලා ප්‍රචාර කළා. ඊයේ පෙරේදා කොළඹ නගර සභා අයවැය පැරැදුණාම, අපියි කොළඹ පාලනය කරන්නේ කියලා මුජිබර් කිව්වා... දැන් සද්ද නැ, දැන් විශ්වාස භංගය ඔකත් බලුවෙලා නවතින්නේ..., හොදට රට යන රට ආයිමත් වලපල්ලට ගෙනියන්න මේ අපතයෝ රැල පොරකන්නේ...
සනත් මේ ආන්ඩුව විනාශ වෙන්නෙත් නැ , අගමැතිනිය තනතුරෙන් අස්විය යුතුත් නැහැ. මෙය අගමැතිණියගේ වුවමනාවෙන් කළ දෙයක් ලෙසට ඔප්පු කරන්න කිසිම සාක්කියක් නැහැ. අභ්න්තර පරික්ෂණයක් කළා. එහි වාර්තාව පිටවුනා. ඊට අමතරව රහස් පරීක්ෂන දෙපාර්තමෙන්තුවෙත් පරාක්ෂනයක් යනවා. මෙය කුමන්ත්රනයක්ද එසේ නම් එහි පිටුපස ඉන්නේ කවුද කියලා හදුනා ගන්න. එහෙමත් නැත්නම් මෙය අත්වැරැද්දක්ද කියලා සනාථ කරගන්න. කිසිම විදියකට ජනප්‍රසාදයක් නැති විපක්ෂය මේ වගේ දෙයකින් හරි මේ රජය වට්ටන්න බලනවා නම් කණගාටුයි කියන්න තමයි තියෙන්නේ...
සුනිල් ඔබටයි අමු කැවිල තියෙන්නෙ, ඔබ දැනටම හරිනි වැරදි කාරයෙක් කරල ඉවරයි, හරිනිට ඔය වගේ ප්‍රශ්න දැම්ම, මොකද ඇය විරුද්ද පක්ෂයට ලොකුම තර්ජනයක්, කාලයක් ඇය ඉවත් කරල බිමල් දාන්න කිව්ව, ඉට පස්සෙ විජිත හේරත් දාන්න කිව්ව, ජනපති අගමැති අතර ගැටුම් ඇතිකරන්න හැදුව ඔක්කොම අසාර්තකයි,ඇය මේ රට ගොඩනගන්න කරන මෙහෙයුම අති විශිස්තයි, අද හෙට ඇත්ත හෙලිවෙයි, ජනතාව රජය සමගයි
බල්ලෝ බුරයි තවලම ඇදෙයි
ඔබ තුමිය කරන කැපවීම අගයමි , විරුදිදවාදින් බොරු වෙන දවස වැඩි ඇතක නැත
අපේ නම් විස්වාසය භංග වුනේ හිටපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ කියපු කරපු දේවල් නිසා. විපක්ෂයේ අපතයින්ට කරකියා ගන්න දෙයක් නැතුවයි ඉන්නේ..