IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


අගමැතිනිය කැනඩා යයි

(යොහාන් භාසුර)

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැනඩාව බලා   අද (24) අලුයම ටත්ව ගි⁣යාය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය අද (24) සිට 26 දින දක්වා කැනඩාවේ  වැන්කුවර් හි පැවැත් වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන්  ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය,  ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ  විශේෂ අවධානයක් යොමු කෙරේ.

එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන  කරුණු පිළිබඳව ද  සාකච්ඡා කිරීමට  නියමිතය. 



අදහස් (2)

අගමැතිනිය කැනඩා යයි

Anura Tuesday, 24 June 2025 01:33 PM

අර ඉන්දියාවේ ඉගෙන ගත්තු පාසලෙන් තවම බලාගෙන ඉන්නවා ආඩම්බරෙන් ඒ ගොල්ලොන්ගේ පාසලට ඇවිල්ලා යයි කියලා එක සැරයක්, හැබැයි මෙයා යන්නේ යුරෝපය, කැනඩාව වගේ රටවල් වලට විතරයි, රනිල්ගේ ජාතියම තමයි..

:       0       0

Asela Tuesday, 24 June 2025 03:45 PM

බදු ගෙවන්නියකගේ මුදල් නාස්ති කිරීම ගැන ලැජ්ජාවට කරුණක්. ඇය අධ්‍යාපන අමාත්‍යවරියක් ලෙස ගල් යුගයේ ගුහාවක ජීවත් වන අතර රාජ්‍ය විශ්ව විද්‍යාලය හරහා පවා තමන්ගේම පුරවැසියෙකුට අධ්‍යාපනයට ඇති අයිතිය වෛද්‍ය වෘත්තියට සීමා කරන ලදී. මේ රටේ කුණු වූ කොමියුනිස්ට් දෘෂ්ටිවාදය ඇය ලෙස්බියන් සහ සමලිංගික අයිතිය නියෝජනය කිරීමට වඩා හොඳ නම් අපි ඇයට විරුද්ධ නොවෙමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 86 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2220 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 687 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site