
(අංජුල මහික වීරරත්න)
2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (12) චීනයේ බීජිං වෙත ළඟා වූවාය.
අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරයේ නිරත වන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙනි.
චීන ජාතික ගුවන්විදුලි සහ රුපවාහිනී පරිපාලන අමාත්‍ය Cao Shumin මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගනු ලැබිණි.සංචාරයේ පළමු දින, අග්‍රාමාත්‍යවරිය චීනයේ තහනම් නගරය සහ චීන මහා ප්‍රාකාරය නැරඹීමට එක්විය.
යුනෙස්කෝ ලෝක උරුමයන් වන තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය), අධිරාජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සහ ජාතික වශයෙන් සංරක්ෂිත එකතුවක් වන අතර චීනයේ ඓතිහාසික ශිල්පීය වටිනාකම විදහා දක්වන චීන මහා ප්‍රාකාරය, චීනයේ සංරක්ෂිත සංකේත වේ.
ඉදිරි දිනවලදී, අග්‍රාමාත්‍යවරිය 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වන අතර චීන ජනාධිපති Xi Jinping සහ මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගමැතිනියට චීනයෙන් ඉහළ පිළිගැනීමක්