IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අකුරැස්ස හිටපු ප්‍ර.සභාපතිගේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි නීතිපතිට නොතීසි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

බාලවයස්කාර දැරියක දූෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩසහිත වසර 15 ක සිරදඩුවම් ලැබ සිටින අකුරැස්ස ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තා ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරැණු දැක්වීමට ජූලි 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය  අද නීතිපතිවරයා නොතීසි නිකුත් කළේය.

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙළ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ  මෙම පෙත්සම කැදවූ අතර එහිදී නීතිපතිවරයාට මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබ ඇත.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර චූදිත අතින් තමා දූෂණය නොවූ බව පැමිණිලිකාර දැරිය විසින් මහාධිකරණ නඩු විභාගයේ දී ප්‍රකාශ කර ඇති බවය.

තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඔප්පු කිරීම සඳහා වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කළත් එම වීඩියෝ සාක්ෂි තහවුරු කෙරෙන ස්වාධීන සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයිද ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට මහධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් , මේ හේතුවෙන් අදාළ සිර දඩුවමට ඒරෙහිව තම සේවාදායකයා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුව ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (1)

අකුරැස්ස හිටපු ප්‍ර.සභාපතිගේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි නීතිපතිට නොතීසි

Rata Perata Wednesday, 23 June 2021 03:25 AM

සල්ලි පෙරේතකමට මේ වගේ අය වෙනුවෙන් පෙනී සිටින අපතයින් අපකීර්තියක්...

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 488 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 958 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1134 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 646 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 637 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site