(යොහාන් භාසුර)

සබරගමු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය මොහාන් එල්ලාවල මහතාගේ පුත්‍රයක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  අකිල එල්ලාවල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද (30) එක්විය.

ඒ අනුව අකිල එල්ලාවල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් බලංගොඩ ආසන සංවිධායක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නායකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් පත්වීම් ලැබීය.