IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


amanté නවතම අලෙවිසැල මීගමුවේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලු‍ම් සන්නාමය වන amanté  හි නවතම ස්වාධීන අලෙවිසැල පසුගියදා මීගමුවේදී විවෘත කරන ලදි. amanté  ශ්‍රී ලංකාව තුළ විවෘත කරන ලද 5 වැනි අලෙවිසැල මෙයයි.

මේ වනවිට දිවයින පුරා අලෙවිසැල් 200 කට අධික සංඛ්‍යාවක amanté  ඇඟලු‍ම් අලෙවි කෙරේ. මීගමුවේ නව අලෙවිසැල, amanté  විසින් ක්‍රියාත්මක කරනු ලබන, කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ස්වාධීන 2 වැනි අලෙවිසැල වන අතර, එය amanté  රසික රසිකාවියන්ට රිසි සේ amanté  විශිෂ්ටත්වය අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ඇත. කාන්තා යට ඇඳුම්, Athleisure වර්ගයේ ක්‍රීඩා ඇඟලු‍ම්, නිදන ඇඳුම්, පිහිනුම් ඇඳුම් සහ නව යෞවනියන් සඳහා වෙන් වූ නවතම ඇඟලු‍ම් එකතුව ඇතුළුව amanté  ඇඟලු‍ම් වර්ග සියල්ලම මෙම නව අලෙවිසැලෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.

“අපගේ අලෙවිසැල් ජාලය පුළුල් කිරීමේ පියවරක් වශයෙන් මේ ආකාරයට මීගමුව ප්‍රදේශයේ අලෙවිසැලක් විවෘත කිරීමට හැකි වීමට අපට මහත් සතුටක්. මාස 4 කට පෙර අපගේ 4 වැනි අලෙවිසැල විවෘත කිරීමෙන් අනතුරුව ඉතාමත් කෙටි කාලයක් තුළ තවත් අලෙවිසැලක් විවෘත කිරීමට හැකි වීම මගින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සමීප ඇඟලු‍ම් සන්නාමය බවට පත්වීම සඳහා අප ගන්නා උත්සාහය වේගයෙන් සාර්ථක වෙමින් පවතින බවයි.” amanté Sri Lanka ව්‍යාපාර ප්‍රධානී පද්මාල් සිල්වා මහතා පැවසී ය.

amanté  ඇඟලු‍ම්වල විශේෂත්වය වන්නේ, එහි සෑම නිෂ්පාදනයක්ම මාස 12 ක කාලයක් පුරා දැඩි තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියකට භාජන වීමය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කෙරෙන මෙම ඇඟලු‍ම් වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ ඉන් අනතුරුව ය.

මෙවැනි ජාත්‍යන්තර තලයේ ක්‍රියාවලියකට යටත් කරනු ලැබුවද, ප්‍රමිතියෙහි කිසිදු වෙනසකින් තොරව, සහනදායී මිලගණන් යටතේ මෙම ඇඟලු‍ම් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට amanté  කටයුතු කරයි. එමෙන්ම නවතම ගෝලීය ප්‍රවණතා හඳුනා ගනිමින් හැකි ඉක්මනින් එම ප්‍රවණතා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙතද හඳුන්වා දීමට amanté  පියවර ගනියි.

595



අදහස් (0)

amanté නවතම අලෙවිසැල මීගමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site