IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


UN සම්බන්ධීකාරක - මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩේ‍ර ෆ්‍රැන්චේ මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර හමුවක් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී අද (21) පැවැත්විණි.

නව රජයේ වැඩපිළිවෙල පිළිබඳව මාර්ක් අන්ඩේ‍ර ෆ්‍රැන්චේ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් සිය සතුට පළ කළ බවත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමටත් දූෂණය පිටුදැකීමටත් ගෙන ඇති පියවර පිළිබඳව ඒ මහතා සිය ප්‍රසාදය පළ කළ බවත් එම අමාත්‍යංශය පවසයි.

එම වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය දෙන බවත් ප්‍රකාශ කළ බවත් ජාතීන් අතර සමගිය ගොඩනැගීමත් ඇතුළු වැදගත් දේශපාලන හා සමාජීය කාරණා රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. 



අදහස් (0)

UN සම්බන්ධීකාරක - මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site