IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


TIN අංකය හැඳුනුම්පතින් එයි

(අංජුල මහික වීරරත්න)

ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙම ක්‍රියාවලිය හරහා  රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක්  නිර්මාණය වන බව ද  මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාවට වඩාත් පහසුවෙන් එය ටින් අංකයක් ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (9)

TIN අංකය හැඳුනුම්පතින් එයි

Geeth Wednesday, 24 January 2024 11:25 AM

ඒක හොඳ අදහසක්

:       6       62

Nalin Wednesday, 24 January 2024 11:59 AM

ඉතා හොඳයි. සරලයි.

:       1       21

fairoos Wednesday, 24 January 2024 12:34 PM

ජනතාවගේ විරෝදය මෙදා පොඩි වෙනසක්.

:       0       0

Senjee Wednesday, 24 January 2024 12:54 PM

ඇයී ඕක කරන්න පරක්කු වුනේ ? හැමෝම දැනගෙන හිටිය සරල දේ නිලධාරීන් නොදැන සිටියා නොව, ඉස්සෙල්ලාම අහුවෙන්නේ එම නිලධාරීන් සහ දේශපාලකයීන් නිසා ඔවුන් වත්ත වටේ පහුරු ගාලා අන්තිමට ඒකම කළා.

:       0       28

Vajira Fernando Wednesday, 24 January 2024 01:43 PM

අළුතින් ආයෝජකයෝ, ව්‍යවසායකයෝ බිහිකරන්න මේ අමන පාලකයින්ට වැඩ පිළිවෙලක් නෑ. අංකේ විතරක් දුන්නහම ඇති. ඔක්කෝම සෙල්ලම් තව මාස 8 යි. හැත්ත බුරුත්තටම ගෙදර යන්න වෙනවා මෙදා පාර​...

:       0       0

Indhika Wednesday, 24 January 2024 02:43 PM

අර හැඳුනුම්පත් දෙකක් තියෙන නෝනාට TIN දෙකක් හම්බ වෙනවාද එතකොට...?

:       0       0

Bamunuarachchi Wednesday, 24 January 2024 04:09 PM

TIN අංකය ගන්න බල කරන්නේ නැතුව හැඳුනුම්පතේ අංකය සමග TIN අංකය අනිවාර්ය කළවිට මිනිස්සු TIN අංකය ලබාගනීවි කියා කිව්වා...

:       0       0

වැඩපරක්කු Wednesday, 24 January 2024 05:13 PM

දැන් එතකොට ඕක ක්‍රියාත්මක වෙන්නේ කවදා, කෙසේද, කොහොමද, කියලා පැහැදිලි කරන්න බැරිද? ඔහේලගේ වැඩේ වමට සිග්නල් දමා දකුණට හරවනවා වගේ කියලා හිතෙනවා... ඇමැතිතුමා කරන කියන දෙයක් ස්ථිරවම කෙලින්ම කියන්නකෝ...!

:       0       0

Perera Thursday, 25 January 2024 04:44 AM

කොහොමත් ඔය ක්‍රමයනේ තිබුනේ .මම 1995 ආදායම් බදු ගොනුව ලියාපදිංචි කලේ.TIN අංකය ID අංකයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site