IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


SMSහෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව තරුණ ජවය

ඉදිකිරීම් සහ භූමි අලංකරණය, සංචාරක කර්මාන්තය, දේපළ වෙළෙඳාම්, ආරක්ෂණ සේවා ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන SMS හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා සිය අධ්‍යක්ෂ මණ්ඩලයට තරුණ ක්‍රියාශීලී නව අධ්‍යක්ෂවරුන් දෙදෙනකු පත් කළ බවට නිල වශයෙන් නිවේදනය කළේය. එලෙස නව අධ්‍යක්ෂවරුන් ලෙසට පත් වූයේ, අශාන් සෙනෙවිරත්න මහතා සහ නේෂා සෙනෙවිරත්න මෙනවියයි. වසර 23කට පෙර ආරම්භ වී සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ දැවැන්ත සමාගම් සමූහයක් බවට පත් වූ SMS හෝල්ඩින්ග්ස් සමාගමේ නව පරිච්ඡේදයක ඇරැඹුම මෙම නව අධ්‍යක්ෂවරුන්ගේ පත්වීම සමග සනිටුහන් වන බව සමාගම සඳහන් කර සිටී.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ උපාධිධාරියෙක් වන අශාන් සෙනෙවිරත්න මහතා ව්‍යාපාර කළමනාකරණය, තාක්ෂණය සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල ලබා ඇති අත්දැකීම් සහ ප්‍රවීණත්වය SMSසමූහයේ ඉදිරි ගමනට දැවැන්ත සවියක් වනු ඇත. තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කළමනාකරුවෙක් වශයෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යාංශය, කොකාකෝලා සමාගම සහ ඕස්ට්‍රේලියාවේ රාජකීය ළමා රෝහල වැනි කීර්තිමත් ආයතන වෙනුවෙන් සේවය කර අත්දැකීම් රැසක් ලබා ඇති අශාන් සෙනෙවිරත්න මහතාගේ දැක්ම වන්නේ, Internet of Things (IoT), Machine Learning සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණය යොදා ගෙන ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දායක වීමයි.

ජාත්‍යන්තර වෙළෙඳාම සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධිධාරිනියක් වන නේෂා සෙනෙවිරත්න මෙනවිය ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් Master Builders වැනි ආයතනවල මෙහෙයුම් කණ්ඩායම්වලට සාර්ථකව නායකත්වය ලබා දෙමින් ක්‍රමෝපායික පරිපාලනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම යන ක්ෂේත්‍රයන්හි පුළුල් නිපුණත්වයක් ලබා ඇති වෘත්තීයවේදිනියකි. SMS සමාගමේ ජාත්‍යන්තර අපනයන වෙළෙඳාම උසස්ම තත්ත්වයේ කුරුඳු නිෂ්පාදන අපනයනය හරහා ලොව පුරා කීර්තිය දිනූ සන්නාමයක් බවට පත් කිරීම ඇයගේ කාර්යභාරය වනු ඇත. එමෙන්ම, SMS සමාගමේ ඕස්ට්‍රේලියානු ව්‍යාපාර අංශයන් තවදුරටත් සවිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට ද ඇය කටයුතු කරනු ඇත.

SMS හෝල්ඩින්ග්ස් සමාගමේ නව අධ්‍යක්ෂවරුන් වන අශාන් සෙනෙවිරත්න මහතා සහ නේෂා සෙනෙවිරත්න මෙනවිය.

595



අදහස් (0)

SMSහෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව තරුණ ජවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site