IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


SLT සමූහයේ ප්‍රථම කාර්තුවේ ස්ථාවර ආදායමක් වාර්තා කරයි

SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු


 ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේ දී රු. බිලියන 26.6 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ වාර්තා වූ මට්ටමට සාපේක්ෂව සියයට 2.1 ක වර්ධනයකි. SLT සමාගම ආයතනික මට්ටමින් අත්කරගෙන ඇති ශක්තිමත් වර්ධනය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව එම සමාගම සඳහන් කරයි.

SLT සමූහයේ ආදායමේ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකය වී ඇත්තේ, SLT සමාගම මෙම කාර්තුව තුළ වාර්තා කළ රු. බිලියන 17.6 ක ආදායමයි. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 10.7 ක වර්ධනයකි. SLT සමූහයේ කළමනාකාරිත්වයේ ක්‍රමෝපායික දැක්ම සහ සාර්ව ආර්ථික ගැටලු‍වල බලපෑම අවම කිරීම සඳහා ගත් විචක්ෂණශීලී ක්‍රියාමාර්ග මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. කෙසේ නමුත්, සමූහ අදායමට අහිතකර බලපෑමක් සමූහයේ ජංගම දුරකථන සේවා හස්තය මඟින් සිදුව තිබේ.

“අපගේ ව්‍යාපාරය ස්ථාවර කිරීම, අපගේ මෙහෙයුම් සහ පදනම් (Platforms) ඒකාබද්ධ කිරීම සහ අනාගතයට සාර්ථක ලෙස මුහුණ දීමට සූදානම් තාක්ෂණික සමාගමක් බවට පත්වීම සම්බන්ධයෙන් අප අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අපට ආඩම්බර වන්නට පුළුවන්. කෙසේ නමුත් අපගේ සැබෑ සාර්ථකත්වයේ සාක්ෂි දැකගත හැකි වන්නේ අපගේ කාර්යක්ෂම සහ ඉලක්ක මූලික කරගත් මෙහෙයුම් ව්‍යුහය තුළයි. එමගින් අපට දුෂ්කර අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, සුබවාදී දැක්මකින් යුතුව අනාගතය වෙත පිය නැගීමට හැකියාව ලැබී තිබෙනවා.” SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

සමස්තයක් ලෙස සමූහයේ සෘජු මෙහෙයුම් පිරිවැය එහි ලාභදායීත්වයට බලපෑම් එල්ල කර ඇත. සමූහ මට්ටමින් සෘජු පිරිවැය පෙර වසරට සාපේක්ෂව සියයට 7.6 කින් ඉහළ ගොස්, රු. බිලියන 15.9 ක් ලෙස වාර්තා වී තිබේ. සමාගම් මට්ටමින් එය රු. බිලියන 9.8 ක් වන අතර එය සියයට 6.8 ක ඉහළ යාමකි. ජාත්‍යන්තර ගෙවීම්, විදුලි ගාස්තු ඉහළ යාම සහ විදේශීය සමාගම් වෙත ගෙවන ලද වාර්ෂික නඩත්තු ගාස්තු ආදිය මෙම ඉහළ යාමට මූලික වශයෙන් බලපා ඇත. මීට අමතරව, පරිපාලන පිරිවැය සමූහ මට්ටමින් රු. බිලියන 5.8 දක්වා සහ SLT සමාගම් මට්ටමින් රු. බිලියන 4.5 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව පිළිවෙළින් සියයට 8.7 ක සහ සියයට 7.4 ක වර්ධනයකි. මෙම තත්ත්වයට ද ප්‍රධාන වශයෙන් උද්ධමනය සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වීම යන සාධක බලපා ඇත. කෙසේ නමුත් ක්ෂයවීම් හා ක්‍රම ක්ෂයවීම් මේ වනවිට සමූහ මට්ටමින් සියයට 13.6 කින් සහ සමාගම් මට්ටමින් සියයට 19 කින් අඩු වී ඇති අතර, එය වත්කම්වල සැබෑ වටිනාකම් පිළිබිඹු කරයි.

ගාස්තු වැඩිවීම නිසා උපයෝගීතා පිරිවැය ඉහළ යාම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ රට තුළ පැවති උද්ධමනය වැනි සාධක නිසා ජාත්‍යන්තර ගෙවීම් සහ නඩත්තු වියදම් ඉහළ යාම සමූහයේ මෙහෙයුම් ලාභයට අහිතකර බලපෑම් එල්ල කර ඇත. කෙසේ වුව ද සමාගම් මට්ටමින් පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙහෙයුම් ලාභය සියයට 74.4 කින් වර්ධනය කර ගැනීමට SLT සමත් වී තිබේ. 

සමස්තයක් ලෙස සමූහ මට්ටමින් බදු-පෙර ලාභය සියයට 54 කින් පහළ ගොස් ඇති අතර, පොලී අනුපාත විශාල ලෙස ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් නම්, විදේශ විනිමය අලාභයන් ඉවත්කර සලකා බැලූ විට අදාළ කාර්තුව තුළ සමාගම් මට්ටමේ ආදායමේ පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීම ය. විදේශ හුවමාරු අලාභය ඉවත් කර බැලූවිට සමාගම් මට්ටමින් බදු-පෙර ලාභය රු. බිලියන 1.1 කි. මීට අමතරව, විදේශ විනිමය හුවමාරු අලාභය ඉවත් කර බැලූ විට සමාගම් මට්ටමේ සාමාන්‍යකරණය කරන ලද බදු-පසු ලාභය රු. බිලියන 0.9 ක් වේ.

සමූහය තුළ විදේශ විනිමය වර්ග කිහිපයක් භාවිත වීම හේතුවෙන්, පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම කාර්තුවේ දී රුපියලේ අගය ඉහළ යාම නිසා ඇමරිකානු ඩොලර් ණය සහ වගකීම් පවතින Mobitel සහ Visioncom සමාගම් වාසිදායක තත්ත්වය වාර්තා කර ඇත. කෙසේ නමුත් ඇමරිකානු ඩොලර් සංචිත හේතුවෙන් SLT සමාගමට අලාභයක් සිදු වී තිබේ.

595



අදහස් (0)

SLT සමූහයේ ප්‍රථම කාර්තුවේ ස්ථාවර ආදායමක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 413 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 196 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 437 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න
2025 මැයි මස 14 22 0

මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1345 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 804 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1432 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1621 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site