ශ්රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean ලංකා පෞද්ගලික සමාගම පසුගියදා 25 වැනි වරටත් පැවැති ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී කැපීපෙනෙන ජයග්‍රහණයන්ට පාත්‍ර විය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී සිය සමාරම්භක සහභාගීත්වය සනිටුහන් කරමින් Ocean ලංකා අපනයන කර්මාන්තය සඳහා සිය කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය. අපනයන විශිෂ්ටත්වය සඳහා ලැබෙන ඉහළම ජාතික පිළිගැනීම ලෙස හඳුන්වන මෙම සම්මාන, කර්මාන්ත ප්‍රමිති සැකසීමට සහ ගෝලීය වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට Ocean ලංකා හි කැපවීම විදහා දක්වයි.
“ජනාධිපති අපනයන සම්මාන 2021/22” හි Knitted Fabric කාණ්ඩයේ හොඳම අපනයනකරු සම්මානයෙන් පිදුම් ලැබීමටත් “ජනාධිපති අපනයන සම්මාන 2022/23” හි Knitted Fabric කාණ්ඩයේ කුසලතා සම්මානය හිමිකර ගැනීමටත් Ocean ලංකා සමත්විය. ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යමින් රෙදිපිළි අංශයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදන සඳහා Ocean ලංකාහි කැපවීම මෙම පිළිගැනීම් මගින් වඩ වඩාත් පිළිබිඹු කරයි.
මෙම ජයග්‍රහණයන් පිළිබඳව Ocean ලංකා පෞද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ”අඛණ්ඩව වසර දෙකක් මෙම කීර්තිමත් සම්මාන ලබා ගැනීමට ලැබීම අපට සැබවින්ම ගෞරවයක්. මෙම ජයග්‍රහණ සමස්ත Ocean ලංකා කණ්ඩායමේ වෙහෙසමහන්සිය, කැපවීම සහ ඔවුන් සතු නව්‍යභාවය පිළිබඳව කදිම සාක්‍ෂියක්. මින් ඉදිරියටත් කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් දැක්වීමට අප කැපවී සිටිනවා.”
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
Ocean ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වෙයි