IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


OPPO වෙතින් අලුත් අවුරුද්දට අලුත්ම ගීතයක්

OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී රමෝද් මාලක ප්‍රමුඛ Cool Steps නර්තන කණ්ඩායම ද මෙම ගීතයට ද‌ායක වී සිටිති.

සුන්දර ගැමි පරිසරයක රූපගත කර ඇති මෙම ගීතයේ රූප රචනය තුළ සාම්ප්‍රද‌ායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද නිරූපණය කෙරේ. මෑතකදී වෙළඳපොළට හඳුන්වා දීමෙන් අනතුරුව පාරිභෝගිකයන් අතර ඉක්මනින් ජනප්‍රිය වූ අලුත් අවුරුදු කාලයේදී විශේෂ දීමනාවන් ද සමග මිලදී ගත හැකි OPPO F19 Pro දුරකථන මාදිලිය ද මෙම රූප රචනය තුළදී දැකගත හැක. OPPO F19 Pro දුරකථන මාදිලියේ ප්‍රථම දින අලෙවිය, ඊට පෙර හඳුන්වා දුන් OPPA F17 Pro මාදිලියට සාපේක්ෂව සියයට 200 ක වැඩිවීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

‘මේ ගීතයත් සමග අපට ශ්‍රී ලාංකික සංස්කෘතියට පෙරටත් වඩා සමීප වීමට අවස්ථාව උද‌ා වුණා. ඒ වගේම අලුත් අවුරුද්දේ සැබෑ අරුත අනුව යමින් අප්‍රේල් 02 සිට අප්‍රේල් 13 දක්වා ක්‍රියාත්මක වන ‘එරබදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහනත්, අප්‍රේල් 05 සිට අප්‍රේල් 18 දක්වා ක්‍රියාත්මක වන ‘OPPO සර්විස් වාසි’ ප්‍රවර්ධන වැඩසටහනත් හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා. OPPO Sri Lanka ප්‍රධාන විධායක නිලධාරි බොබ් ලී මහතා පැවැසීය.

 



අදහස් (0)

OPPO වෙතින් අලුත් අවුරුද්දට අලුත්ම ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 612 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1028 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site