IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


MOBITELමූලස්ථානය වැලිකඩදී විවෘත වේ

SLT-මොබිටෙල් හි නව මූලස්ථානය පසුගියදා වැලිකඩ දී විවෘත කෙරිණි. නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත මෙම මූලස්ථානය පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබේ.

ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර ඇති මෙම ගොඩනැගිල්ල, විශේෂ 5 G කලාපයක්, වැසි ජලය එක්රැස් කිරීමේ පද්ධතියක්, හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම්, සිසිලන පද්ධති, අපවහන ජලය පිරිසුදු කිරීමේ පහසුකම්, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත වීදුරු, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත විදුලි උපාංග, විදුලි සෝපාන සහ වායුසමීකරණ වැනි පහසුකම් රැසකින් සමන්විත වේ. මහල් 9 කින් යුක්තව ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙහි පළමු අදියර යටතේ මහල් 5 ක කටයුතු මේ වනවිට අවසන් වී ඇති අතර, ඉතිරි මහල් 4 හි ඉදිකිරීම් දෙවැනි අදියර යටතේ සම්පූර්ණ වනු ඇත.

පරිසරයේ සමබරතාව ආරක්ෂා කිරීම සඳහා, මෙම කාර්යාල සංකීර්ණය පිහිටි අක්කර 7 ක භූමියෙන් ඉදිකිරීම් සඳහා භාවිතා කර ඇත්තේ 3% ක් වැනි කුඩා ප්‍රමාණයක් පමණි. බ්‍රවුන්ෆීල්ඩ් ් ^Brownfield& වර්ගයේ ව්‍යාපෘතියක් වන මෙය සඳහා, එම භූමියෙහි කලින් පැවති ගොඩනැගිලිවලින් කඩා ඉවත් කරන ලද අමුද්‍රව්‍ය හැකිතාක් දුරකට භාවිත කර ඇත. එමෙන්ම හරිත ක්‍රමවේදයට අනුකූලව, අපතේ යාම් හැකිතාක් අවම වන පරිදි ව්‍යාපෘතියෙහි කටයුතු සිදුකරන ලදි. තවද අභ්‍යන්තර පවිත්‍රාගාරයක් ද මීට ඇතුළත් වන අතර, එමගින් පිරිසිදු කර නිකුත් කරන ජලය ගොඩනැගිල්ලේ සිරස් ගෙවතු වගාවන් සඳහා සහ උද්‍යානය සඳහා භාවිත කෙරේ. මීට අමතරව, ගොඩනැගිල්ලේ වහලය මත වර්ග අඩි 15,000 ක සූර්ය බලශක්ති ජනන පද්ධතියක් ද සවිකර ඇත.

මෙම මූලස්ථාන ගොඩනැගිල්ල තුළ ලොව නවීනතම ගොඩනැගිලි කළමනාකරණ පද්ධතියක් යොදා ඇති අතර එමගින් වායුසමීකරණයන්, ජලය, විදුලි ආලෝකය සහ වෙනත් පහසුකම් භාවිත වන ආකාරය නිරීක්ෂණය කර අවශ්‍ය දැනුම්දීම් ලබාදීම සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතියෙහි මුල් අදියර සඳහා වැය වී ඇති මුළු මුදල ආසන්න වශයෙන් රු. මිලියන 2,500 කි.  

මෙම නව ගොඩනැගිල්ල නිසා SLT-MOBITELසමාගමට සිය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් වසරකට රු. මිලයන 25.4 ක ඉතිරියක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර වාහන ගාල් කිරීම, ආරක්ෂක සේවාවන් ඇතුළු සේවාවන්, විදුලිය හා ජලය පරිභෝජනය සහ කාර්යාල අතර ගමනගාමනය ආදිය සඳහා වැයවුණු වියදම් මෙමගින් ඉතුරු වනු ඇත. එමෙන්ම Rotundaසහ Propertexගොඩනැගිලි සඳහා වසරකට වැය වූ රු. මිලියන 250 ක පමණ මුදලද මෙමගින් ඉතිරි වන අතර, එය සමස්ත SLT සමූහයටම වාසිදායක වේ.

වර්ග අඩි 60,000 ක පමණ ඉඩකඩකින් යුත් ඉතිරි මහල් හතරෙහි ඉදිකිරීම් ද අවසන් වූ පසුවSLT-MOBITELමෙහෙයුම් සියල්ල එකම වහලක් යට ස්ථානගත කිරීමටSLT-MOBITEL සමූහයට හැකියාව ලැබෙනු ඇත.

595



අදහස් (0)

MOBITELමූලස්ථානය වැලිකඩදී විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site