JAT හෝල්ඩින්ග්ස් සමාගම නැවත වරක් ක්ෂේත්‍රයේ ඉහළින්ම සිය සන්නාමය සනිටුහන් කරමින් ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2021 (NBEA) හි දී වෙළඳ අංශ කාණ්ඩයේ රන් සම්මානයත් මහාපරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා සම්මානත් දිනාගැනීමට සමත් විය.
JAT හෝල්ඩින්ග්ස් සමාගම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය යළි තහවුරු කරමින් අඛණ්ඩව සිව්වන වසරටත් වෙළෙඳ අංශයේ රන් සම්මානයේ ගෞරවය මෙන්ම, සිය සමාගමේ විශිෂ්ට කාර්ය සාධනය, ආර්ථික සමෘද්ධිය උදෙසා දක්වන සැලකිය යුතු දායකත්වය හා පාරිසරික තිරසාරභාවය සඳහා වූ අඛණ්ඩ කැපවීම පිළිබඳ වටිනාකම් ද වඩාත් ඉහළ නංවා ගැනීමට සමත් විය.
JAT හෝල්ඩින්ග්ස් හි විධායක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “පසුගිය වසර කිහිපය තුළ අපට ක්‍රියාත්මක වීමට සිදු වූ අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරය කුමක් වුවත්, JAT Holdings අපගේ වටිනාකම්, ක්‍රියාවලීන් සහ අපගේ ප්‍රජාව වඩාත් ආරක්ෂා කිරීමට කැපවී සිටියා. එය අද අපට මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට මෙය විශාල වශයෙන් උපකාර වී තිබෙනවා. මෙවැනි සම්මාන උළෙලකදී ඉහළ කීර්තියක් ලබා ගැනීමට හැකියාව ලැබීම සැබවින්ම ගෞරවයක් වන අතර, ඉදිරි වසරවලදී එම හැකියාවන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වනවා.”
-සටහන- චමින්ද මුණසිංහ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
JAT ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන ලබයි